ප්‍රධාන ජල සැපයුම් නල මාර්ගයක හදිසි බිඳවැටීමක් හේතුවෙන් අඹතලේ සිට දෙහිවල දක්වා ජලය සපයන ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවා ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
ඒ අනුව, මොරටුව, රාවතාවත්ත, සොයිසාපුර, රත්මලාන, ගල්කිස්ස, දෙහිවල, වැල්ලවත්ත, පාමංකඩ, මුල්ලේරියාව සහ කොළොන්නාව යන ප්‍රදේශවලට මෙම ජල කප්පාදුව සෘජුවම බලපානු ඇත. එමෙන්ම, බත්තරමුල්ල ප්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති බවද එම මණ්ඩලය සඳහන් කරයි.
ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරන්නේ, හෙට (19) උදෑසන 6.00ට පෙර ජල සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට අපේක්ෂා කරන බවයි.