සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු නවයක් ඇතුළු එම අමාත්‍යාංශයේ ඉහළ තනතුරු ගණනාවකට පැවැත් වූ සම්මුඛ පරීක්ෂණ රාජ්‍ය සේවා කොමිසම මගින් අවලංගු කර ඇත.ඒ අනුව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු 9 ක්, අධ්‍යක්ෂ තනතුරු 19 ක් සහ සෞඛ්‍ය අමාත්‍යාංශ අතිරේක ලේකම් (මහජන සෞඛ්‍ය) යන තනතුර සදහා කැදවා තිබූ අයැදුම්පත් සහ පැවැත්වූ සම්මුඛ පරීක්ෂණ රාජ්‍ය සේවා කොමිසම මගින් අවලංගු කර තිබේ.
නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු නවය සඳහා සුදුස්සන් තෝරා ගැනීම මෙවර අවලංගු වූයේ පස්වැනි වතාවට බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචිමාර්ග සඳහන් කළේය. එමෙන්ම වසර පහකට අධික කාලයක් තිස්සේ එම තනතුරු පුරප්පාඩු වී තිබෙන බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය. රාජ්‍ය සේවා කොමිසම එම තනතුරු සඳහා බඳවා ගැනීමේ අධ්‍යාපන සුදුසුකම් විටින් විට වෙනස් කරමින් එම සම්මුඛ
පරික්‍ෂණ සහ අයැදුම්පත් කැඳවීම අවලංගු කර තිබෙන බවද මේ නිසා එම තනතුරු ලබාගැනීමට සුදුසුකම් සපුරා සිටි නිලධාරින්ගේ නීත්‍යනුකූල අපේක්ෂා බිඳවැටෙන තත්ත්වයට පත්ව ඇති බවද මාර්ග වැඩිදුරටත් ආරංචි සඳහන් කළේය.