ආබාධ සහිත දරුවන් සඳහා එක් වතාවක් පමණක් ලබාදෙන රුපියල් 10000/=ක අධ්‍යාපන ආධාර මුදල දරුවන් දෙදෙනකුගේ නමින් ලබාගෙන එම මුදල් එම දරුවන්ට නොදී තම පෞද්ගලික පරිහරණයට යොදා ගත් හිටපු සමාජ සේවා නිලධාරියකු දූෂණ චෝදනා වරද මත අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කටාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හිටපු සමාජ සේවා නිලධාරියෙකි.ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික මහලේකම් කාර්යාලය මගින් එක් දරුවකු සඳහා එක් වතාවක් පමණක් ලබාදෙන එකී මුදල් සැකකාර සමාජ සේවා නිලධාරියා විසින් ලබාගෙන ඉතා සූක්ෂම ලෙස ඔහුගේ පෞද්ගලික පරිහරණයට යොදා ගැනීමේ දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගැනුණු සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව සිටී.අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පරීක්ෂණ පවත්වයි.