in-the-end-l-as-the-new-auditor-s-i-jayaratne-gets-approval

ශ්‍රී ලංකාවේ නව විගණකාධිපතිවරිය ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපතිනි එල්. එස්.

අයි. ජයරත්න මහත්මිය පත් කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඒකමතික අනුමැතිය ඊයේ (03) හිමි වී තිබේ. කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද දහවල් 12.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ එම සභාව විසින් දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.




විගණකාධිපති ධුරය සඳහා ජනාධිපතිවරයා විසින් නිර්දේශ කරන ලද නාමයන් සලකා බැලූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව, අවසානයේ ජයරත්න මහත්මියගේ නම ඒකමතිකව ස්ථිර කිරීමට පියවර ගත්තේය. මීට පෙර අවස්ථා කිහිපයකදීම ජනාධිපතිවරයා විසින් මෙම ධුරය සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කර තිබූ පසුබිමක මෙම නව පත්කිරීම සිදු කර තිබීම විශේෂත්වයකි.

හිටපු විගණකාධිපති ඩබ්ලිව්. පී. සී. වික්‍රමරත්න මහතා 2025 වසරේ අප්‍රේල් මස 08 වන දින විශ්‍රාම ගැනීමත් සමඟ විගණකාධිපති ධුරය පුරප්පාඩු වී පැවතිණි. අනතුරුව එම පුරප්පාඩුව සඳහා විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වූ ධර්මපාල ගම්මන්පිල මහතා වැඩබලන පදනම මත පත් කෙරුණු අතර, ඔහුගේ නිල කාලය ද 2025 දෙසැම්බර් 05 වන දිනෙන් අවසන් වී තිබුණි.