ඊයේ පැවති උත්සවයකට සහභාගීවූ හිටපු දේශපාලනඥ වාසුදේව නානායක්කාර මහතාගෙන් වත්මන් දේශපාලන තත්වය ගැන සිදුකළ ප්‍රශ්න කිරීමකදී ඔහු රජය කෙරෙහි සුබවාදී ආකල්පයකින් කථා කළේය. එහිදී ඇතිවූ සංවාදය පහත පරිදිය.
කොහොමද ?"ටිකක් අසනීපෙන්... ඉන්නෙ"
රජය ගැන තියෙන අදහස කුමක්ද?
නෑ, බලාපොරොත්තු සහගතයි." "නේද?" "ජාතිවාදය මතු නොවෙන විදියට කටයුතු කරන්න මේ ආණ්ඩුව හිතාගෙන ඉන්න බව පේනවා. ඒක හොඳ ආරම්භයක්. එතකොට මේ රට එක්සත් කරන්න පුළුවන් පසුබිමක් මේ ආණ්ඩුව තුළ තියෙනවා කියලා මට පේනවා." "මම විශ්වාස කරනවා ඒගොල්ලො එහෙම කරයි කියලා."
ඇයි එහෙම කියන්නෙ?
"එහෙම කරන්න මේ ආණ්ඩුව දැනටමත් ඒගොල්ලන්ගේ අදහස ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වගේම ඒ අනුව ඒගොල්ලො ක්‍රියා කරලත් තියෙනවා. දැන් අපේ ජනාධිපතිතුමා සිංහලයෙක් වීම ඒකට බාධාවක් නෙමෙයි. එතුමා සිංහල කියන වර්ගයට අයිති වුණත්, එතුමා පැහැදිලිව කියලා තියෙනවා 'අපි ජාතිවාදීව මොකක්වත් ගැන හිතන්නෙත් නෑ, කරන්නෙත් නෑ' කියලා.
දැන් තියෙන්නේ එතුමාගේ ප්‍රකාශය ක්‍රියාවට නංවන්න කොච්චර ඉඩකඩක් තියෙනවද කියන එකයි.
මොකද මේකට විරුද්ධ කණ්ඩායම් මේ ප්‍රශ්නය කොයි තරම් දුරට අවුල් කරාවිද? එහෙම නැත්නම් සිංහලකම ප්‍රධාන කරගෙන කටයුතු කරන්න ඕන කියන අය මේ වැඩේට කොච්චර ඉඩ දේවිද, නැත්නම් අවුල් කරයිද කියන කාරණාව මත තමයි මේක රැඳිලා තියෙන්නේ.
මම හිතන්නේ අපි මේ ආපු දුර හොඳටම ඇති. අපි මේ තරම් වෙහෙස වුණා, මහන්සි වුණා. දැන් අපිට ලැබිලා තියෙන අලුත් තත්ත්වය එක්ක, අලුතෙන් බලයට ආපු අය, ඒගොල්ලන්ගේ පසුබිම සහ ඒගොල්ලන්ගේ මතවාදය යන මේ හැම දෙයක්ම ගත්තම අපිට බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්."
ඒගොල්ලන්ගේ අඩුපාඩු දකින් නැද්ද?
"ජනාධිපතිතුමා ඇතුළු ඒ කණ්ඩායමේ අඩුපාඩු තියෙන පැත්ත අපි පැත්තකින් තියමු. ඒගොල්ලන්ගේ සාධනීය පැත්ත අපි ඉස්සරහට ගනිමු. අපි මේක සුබවාදීව දකිමු."
"මේ ආණ්ඩුව හරිම වෙනස් නේ. කලින් ආපු හැම ආණ්ඩුවකටම වඩා වෙනස්. අපි මේක සාධනීය වෙනසක් කරා අරගෙන යන්න බලමු."
"ප්‍රධානම වෙනස විදියට සලකන්නේ, මේ ඉන්නේ ප්‍රභූ පන්තියේ අය නෙමෙයි. මේ අය ගම්වල, පහළ මධ්‍යම පන්තියේ මිනිස්සු. ඒක තමයි ලොකුම වෙනස."
ඔබ මොකද කියන්නෙ අද ශිරන්ති නාමල් ප්‍රශ්න කිරීමට ලක්කරලා ඒ අය යාළුවො නේද?
"පුද්ගලිකව හිතවත් තමයි. නමුත් ඒගොල්ලන් පිළිතුරු දිය යුතු ප්‍රශ්න ඉදිරිපත් කළාම, ඒගොල්ලන්ට ඒවා මගහැරලා යන්න බැරි වේවි. CID එකට කරන්න තියෙන වැඩ මටම කරන්න බෑනේ."
"එහෙම කළොත් ඒක වැඩි හිතවත්කමක් දැක්වීමක් වෙනවනේ."
ඔබ මුලින් මේ ආණ්ඩුව එන්න පෙර විවේචනය කරා නේද?
"නෑ... මම මේ ආණ්ඩුව ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්නේ. මොකද මෙහෙම ආණ්ඩුවක් එයි කියලා අපි ඒ වෙලාවේ හිතුවේ නෑනේ."