in-many-government-institutions-the-big-chairs-are-different

රජයේ ආයතන රැසක ඉහළ පෙළේ තනතුරුවල වෙනස්කම් ඉදිරි දින කිහිපය තුළ සිදු කිරීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි. අද (10) දින පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළේය.




මෙම නව වැඩපිළිවෙළ යටතේ විවිධ රාජ්‍ය ආයතනවල සභාපතිවරුන් මෙන්ම අධ්‍යක්ෂ මණ්ඩල ප්‍රධානීන් ඇතුළු ප්‍රධාන තනතුරු ගණනාවක් සඳහා නව පත්කිරීම් හෝ වෙනස්කම් සිදු කිරීමට රජය අපේක්ෂා කරයි. ඊට අදාළ යෝජිත නම් සහ පුද්ගලයින් තෝරා ගැනීම සම්බන්ධයෙන් මේ වන විටත් සාකච්ඡා මට්ටමින් කටයුතු සිදුවන බව ද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.