gsp-president-anura-asks-for-the-help-of-the-french-president-to-regain-the-relief

ජී.එස්.පී. ප්ලස් සහනය අවසන් වූ පසු නැවතත් මෙරටට ජී.එස්.පී.ප්ලස් සහනය ලබා ගැනීම සඳහා සහාය ලබා දෙන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් මහතාගෙන් පසුගිය දා ඉල්ලීමක් කළේය.





ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පසුගිය දා පැවැත්වූ "ඒ.අයි. ඉම්පැක්ට් 2026 සමුළුවලට සමගාමීව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් මහතා මුණගැසුණු අවස්ථාවේ මෙම ඉල්ලීම කර ඇත.එහිදී ශ්‍රී ලංකාවට නැවතත් ජී.එස්.පී. ප්ලස් සහනය ලබා ගැනීම සඳහා ප්‍රංශය උපරිම සහයෝගය ලබා දෙන බවට ප්‍රංශ ජනපතිවරයා සහතිකයක් දී තිබේ.

එසේම, ප්‍රංශය විවිධ වෙළෙඳ ගිවිසුම් ඔස්සේ ශ්‍රී ලංකාවට තවත් සහන ලබා දීමට බලාපොරොත්තු වන බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් මහතා ප්‍රකාශ කර ඇත.එළැඹෙන දෙසැම්බර් මාසයේදී මෙරටට ලබා දී ඇති ජී.එස්.පී. ප්ලස් සහනය අවසන් වීමට නියමිතව තිබෙන අතර, එය අවසන් වූ පසු නැවත වරක් ජී.එස්.පී. ප්ලස් සහනයට අයැදුම් කිරීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තුවෙන් සිටී.

gsp-president-anura-asks-for-the-help-of-the-french-president-to-regain-the-relief

gsp-president-anura-asks-for-the-help-of-the-french-president-to-regain-the-relief