the-colombo-puttalam-train-which-was-delayed-due-to-drought-resumes-after-82-days

පසුගියදා බලපෑ 'දිට්වා' සුළි කුණාටුවේ දැඩි බලපෑම හේතුවෙන් මාස කිහිපයක් පුරා සම්පූර්ණයෙන්ම අඩාල වී තිබූ කොළඹ - පුත්තලම දුම්රිය සේවය යළිත් සාමාන්‍ය පරිදි ආරම්භ කර තිබේ. දින අසූ දෙකක (82) දීර්ඝ කාලසීමාවකට පසුව, ඊයේ (16) උදෑසන 8.20 ට පමණ කොළඹ සිට ගමන් ඇරඹූ කාර්යාල දුම්රිය පුත්තලම දුම්රිය ස්ථානය වෙත සාර්ථකව ළඟා වූ බව දුම්රිය පාලක මැදිරිය තහවුරු කළේය.




පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී දිවයිනට කඩා වැදුණු මෙම අසාමාන්‍ය කාලගුණික තත්ත්වය හේතුවෙන් දුම්රිය මාර්ග පද්ධතියට බරපතළ හානි සිදුවිය. විශේෂයෙන්ම හලාවත සහ පුත්තලම අතර කොටසෙහි පිහිටි බත්තුළුඔය ප්‍රධාන පාලම මෙන්ම පුත්තලම, තිල්ලඩිය ප්‍රදේශයේ පිහිටි කුඩා පාලමක් ද කැඩී යාම හේතුවෙන් මේ ආකාරයට දුම්රිය ගමනාගමනය මුළුමනින්ම අත්හිටුවීමට බලධාරීන්ට සිදුව තිබුණි.

හානියට පත් වූ දුම්රිය මාර්ගයේ අලුත්වැඩියා කටයුතු කඩිනමින් සිදු කෙරුණු අතර, මීට දින විස්සකට පෙර පාලවිය දුම්රිය ස්ථානය දක්වා වූ සියලු ප්‍රතිසංස්කරණ කටයුතු නිම කර තිබුණි. එසේ වුවද මගී ප්‍රවාහන කටයුතු එතෙක් ආරම්භ කර නොතිබුණු අතර, ඊයේ දිනයේදී දුම්රියක් යළිත් පුත්තලම දක්වා පැමිණීමත් සමඟ අදාළ මාර්ගයේ සියලුම ගමන් වාර සුපුරුදු පරිදි පුත්තලම දුම්රිය ස්ථානයෙන් යළිත් ක්‍රියාත්මක කිරීමට මේ වන විට පියවර ගෙන ඇත.

the-colombo-puttalam-train-which-was-delayed-due-to-drought-resumes-after-82-days