for-the-first-time-in-history-female-bus-conductors-will-be-appointed-at-langama

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින්, ප්‍රථම වරට බස් රථ කොන්දොස්තර සේවාව සඳහා කාන්තාවන් බඳවා ගැනීම අද දින නිල වශයෙන් සිදු කෙරිණි. මෙතෙක් පිරිමි පාර්ශවයට පමණක් සීමා වී තිබූ මෙම ක්ෂේත්‍රය වෙත කාන්තා නියෝජනය ලබා දීම සඳහා ගත් තීරණයට අනුව, තෝරා ගත් නවක නිලධාරිනියන් සේවයට එක්කර ගැනීම මෙහිදී සිදුවිය.

එලෙස බඳවා ගනු ලැබූ නවක කාන්තා කොන්දොස්තරවරියන් 19 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ නිල උත්සවය අද (06) සිකුරාදා මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීනී සමන්මලී ගුණසිංහ මෙන්ම ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති සජීව කනගරත්න යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

සේවයට එක් වූ නවක කාන්තා කොන්දොස්තරවරියන් සඳහාම විශේෂයෙන් නිර්මාණය කරන ලද නව නිල ඇඳුමක් හඳුන්වා දීම ද මෙම උත්සවයේදී සිදු වූ තවත් සුවිශේෂී කරුණකි.