laughs-gas-price-revised

ලාෆ්ස් ගෑස් සමාගම විසින් අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔවුන්ගේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල ගණන් ඉහළ දැමීමට තීරණය කර ඇති බව නිවේදනය කර සිටී.




මෙම මිල සංශෝධනයට අනුව කිලෝග්‍රෑම් 12.5ක බරින් යුත් ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 80කින් ඉහළ දමා ඇත. ඒ අනුව මෙතෙක් රුපියල් 4,250ක මිලකට පැවති කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 4,330ක් ලෙස සටහන් වනු ඇත.

මීට අමතරව කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල ද රුපියල් 32කින් ඉහළ දමා ඇති බව එම සමාගම සඳහන් කරයි. මෙම මිල ඉහළ දැමීමත් සමග කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් අලෙවි කෙරෙන නව මිල රුපියල් 1,742ක් දක්වා ඉහළ යනු ඇත.