කොහුවල ප්‍රදේශයේ පිහිටි ආර්පිකෝ සුපිරි වෙළඳසලේ අද (08) පස්වරුවේ හදිසි ගින්නක් හටගැනුණි. කොහුවල මංසන්ධියේ සිට කළුබෝවිල දෙසට දිවෙන මාර්ගයේ හා කොහුවල කොළඹ (120) මාර්ගයේ මෙම වෙළෙඳසලට ඇතුළුවීම් දොරටු දෙකක් පවතින අතර ගින්න හටගෙන ඇත්තේ 120 මාර්ගයේ ඇතුළුවීමේ දොරටුව ආසන්නයේය.
වෙළඳසලේ පහළ තට්ටුව පාරිභෝගික ද්‍රව්‍යද ඉහළ තට්ටුව ගෘහ භාණ්ඩද අලෙවි කරනු ලබයි. ගිනි නිවන භටයින් සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න පාලනය කිරීමට දැඩි උත්සාහයක නිරත වෙමින් සිටින අයුරු වාර්තා විය. ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ තුනක් යොදවා තිබෙන බව වාර්තා වන අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.