the-story-of-dudleys-rolls-royce

මෙරට ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම චරිතයක් වන ඩඩ්ලි සිරිසේන මහතා විසින් ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද අති සුඛෝපභෝගී මෝටර් රථයක් පිළිබඳව මේ වන විට බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබේ. Rolls-Royce Phantom 8 Series 2 EWB මාදිලියට අයත් මෙම රථයේ ඇති සුවිශේෂීත්වය වන්නේ, රෝල්ස් රොයිස් සමාගමේ සියවන සංවත්සරය සැමරීම වෙනුවෙන් ලොව පුරා නිෂ්පාදනය කරන ලද සීමිත මෝටර් රථ 25න් එකක් වීමයි.




ලොව පුරා වෙසෙන ධන කුවේරයන් සහ මෝටර් රථ එකතු කරන්නන් ඉලක්ක කර ගනිමින් නිෂ්පාදනය වූ මෙම සීමිත මාදිලියේ රථයක මූලික මිල ඇමෙරිකානු ඩොලර් 550,000ත් 600,000ත් අතර අගයක් ගන්නා බවත්, අමතර පහසුකම් සමඟ එහි අවසන් මිල ඇමෙරිකානු ඩොලර් 750,000 සිට 950,000 දක්වා ඉහළ අගයක් ගන්නා බවත් වාර්තා වේ. අදාළ බදු මුදල් ද ඇතුළත්ව මෙම රථයේ දේශීය වටිනාකම රුපියල් බිලියන 2.5ක අගයක් ඉක්මවනු ඇති බව ගණන් බලා ඇති අතර, මෙය ශ්‍රී ලංකාවට මෙතෙක් ආනයනය කරන ලද වටිනාකමින් ඉහළම සහ සුඛෝපභෝගී බවින් අගතැන්පත් මෝටර් රථය ලෙස ද සැලකේ.

රෝල්ස් රොයිස් ඉතිහාසය විමසා බැලීමේදී ප්‍රථම ෆැන්ටම් රථය 1925 වර්ෂයේදී නිෂ්පාදනය කර ඇති අතර, සියවසක් පුරා සිදුවූ තාක්ෂණික විකාශනයත් සමඟ අද වන විට එය ලොව අංක එකේ සුඛෝපභෝගී මෝටර් රථය බවට පත්ව ඇත. 2017 වසරේදී නිෂ්පාදනය ඇරඹි ෆැන්ටම් අටවන පරම්පරාවට අයත් මෙම රථය, ලීටර් 6.75ක ධාරිතාවකින් යුතු ටර්බෝ ආරෝපිත V12 එන්ජිමකින් සමන්විත වන අතර එය BMW එන්ජින් තාක්ෂණයට සමානකම් දක්වයි.




මෙම මෝටර් රථයේ බොනට්ටුව මත සවිකර ඇති සුප්‍රකට 'Spirit of Ecstasy' ලාංඡනය කැරට් 18න් නිමවා කැරට් 24 රන් ආලේපයකින් ඔප ගන්වා තිබීම මෙහි ඇති සුඛෝපභෝගී බව මැනවින් කියාපාන්නකි. ස්වයංක්‍රීය ගියර් පද්ධති 8කින් සමන්විත මෙම රථයට පැයට කිලෝමීටර 250ක උපරිම වේගයක් ලබා ගත හැකි අතර, මෙවැනි එක් රථයක් සංවර්ධනය කිරීම සඳහා වසර තුනක කාලයක් තුළ පැය 40,000කට අධික ශ්‍රම කාලයක් වැය කර ඇති බවත්, මැජික් පලසක යනෙන ආකාරයේ අතිශය සුවපහසු ගමනාන්තයක් මෙම රථය මගින් ලබා දෙන බවත් නිෂ්පාදකයින් විසින් සඳහන් කර සිටී.

dudley-sirisena-rolls-royce

dudley-sirisena-rolls-royce

dudley-sirisena-rolls-royce

dudley-sirisena-rolls-royce

dudley-sirisena-rolls-royce