මෝටර් රථ රියැදුරු අකුසලතා ලකුණු ලබා දීමේ ක්‍රමවේදය මේ වසරේ ක්‍රියාත්මක කෙරෙන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කමල් අමරසිංහ මහතා පවසයි.
ඊට අදාළ තාක්ෂණික කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බව ද හෙකෙම කියා සිටියේය. ඊට අදාළ ක්‍රමවේදය ශ්‍රී ලංකා පොලීසිය, ප්‍රවාහන අමාත්‍යාංශය, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ ඩිජිටල් අර්ථික අමාත්‍යාංශය යන ආයතනවල විශේෂඥයන්ගෙන් යුත් කමිටුවක් විසින් සකස් කරමින් පවතින බවද හෙතෙම කියා සිටියේය.
නව ක්‍රමවේදය යටතේ, GovPay මඟින් දඩ මුදල් මාර්ගගතව ගෙවීමේ සේවාව ආරම්භ කිරීමත් සමඟ, රියැදුරු රථවාහන වැරැදි සඳහා ලබා ගන්නා අකුසලතා ලකුණු ගණනය කෙරෙන අතර එක් රියැදුරෙකුට උපරිම අකුසලතා ලකුණු 24ක් ලබා දී ඇති අතර, මෙම සියලුම ලකුණු අහිමි වුවහොත් එම රියැදුරෙකුගේ රිය බලපත්‍රය වසර දෙකකට අත්හිටුවීම මින් සිදු කරනු ලබයි.