businesswoman-arrested-in-dubai-for-carrying-goods-purchased-for-commercial-purposes-in-her-luggage

රුපියල් මිලියන තුනකට ආසන්න වටිනාකමකින් යුතු විදේශීය භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ඒමට තැත් කළ කාන්තාවක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පැමිණීමේ පර්යන්තයේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.




මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කොළඹ, ගුණසිංහපුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 56ක ව්‍යාපාරික කාන්තාවකි. ඇය ඊයේ දින ඩුබායි නුවර සිට ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල් - 226 දරන ගුවන් යානයෙන් දිවයිනට පැමිණ ඇත.

ඇය රැගෙන ආ ගමන් මලු පරීක්ෂා කිරීමේදී, ඉතා සූක්ෂම ලෙස සඟවා තිබූ රූපලාවණ්‍ය ද්‍රව්‍ය, සුවඳ විලවුන්, ලැප්ටොප් පරිගණක මෙන්ම විදේශීය රටක නිෂ්පාදිත සිගරට් සහ මත්පැන් බෝතල් තොගයක් සොයා ගැනීමට ගුවන්තොටුපළ රේගු නිලධාරීන් සමත් වී ඇත.

news-2026-01-01-054456