"තෙරුවන් සරණයි! සුබ අලුත් අවුරුද්දක් වේවා!
දැන් මේ උදාවී ඇත්තේ අපේ රටේ මිනිස්සු තමන්ගේ රට සුබ කරගන්නට සූදානම් විය යුතු කාලයයි. රට සුබ වෙන්න නම්, රට සුබ කරගන්න නම්, දරුවන්ට ආදරය කරන, ආගමට දහමට ආදරය කරන රටේ සියලු දෙනාම මේ වෙනුවෙන් අවදි විය යුතු කාලය දැන් එළඹ තිබෙනවා.
මම එහෙම කියන්නේ, මීට අවුරුද්දකට ඉහතදී, ඒ කියන්නේ 2024 දී මේ අලුත් ආණ්ඩුව ගැන අපි අනතුරු ඇඟවූවා. අපේ හාමුදුරුවන් වහන්සේලා කිහිප නමක්ම මේ ගැන ප්‍රකාශ කළා. ඒවා පටිගත වී තිබෙනවා. ඒවා නැවත විකාශනය කරලා බලන්න. මේ නිරාගමික රාජ්‍යයේ අරමුණ සහ පරමාර්ථය ගැන එදා අපි කිව්වා.
මේ ආණ්ඩුවේ අරමුණ සහ පරමාර්ථය තමයි මේ රටේ සියලුම ජනතාවට, සියලුම ආගම්වලට සහ සියලුම දරු දැරියන්ට මේ විකෘති ලිංගික ක්‍රියාකාරකම් හඳුන්වා දීම. 2024 දී අපි මේ ගැන සඳහන් කළා. ඒ වෙලාවේදී අපිට විවිධාකාරයෙන් චෝදනා කළා. කමක් නැහැ, අපි ඒ හැම දෙයක්ම, ඇත්ත ඇති සැටියෙන් ප්‍රකාශ කරලා රටේ මිනිස්සුන්ව දැනුවත් කළා. මේ අයට නෛතික බලය දුන්නොත් මුහුණ දෙන්නට වෙන ඉරණම ගැනයි එදා අපි කිව්වේ. දැන් අපි කියපු සෑම දෙයක්ම සක්සුදක් සේ උදාහරණ සහිතව ඔප්පු වෙමින් පවතිනවා.
මේ රටේ දැවෙන ප්‍රශ්න මේවා නොවෙයි. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ, මේ 'සමලිංගික' එහෙම නැත්නම් 'සමරිසි' කියලා කියනවා. ඉංග්‍රීසියෙන් පිරිමි අයට 'ගේ' (Gay) කියලා කියනවා, කාන්තාවන්ට 'ලෙස්බියන්' (Lesbian) කියලා කියනවා. ඒකේ අපිට කිසිම ගැටලුවක් නැහැ. එයාලගේ අයිතිය ගැන අපිට කිසිම භේදයක් හෝ ප්‍රශ්නයක් නැහැ. ඒක එයාලගේ අයිතියක්. තමන්ගේ මානසිකත්වය තියෙන මට්ටමට, විකෘති හෝ ප්‍රකෘති ඕනෑම විදිහකට ඒක කරගත්තට අපිට ගැටලුවක් නැහැ.
හැබැයි මෙයාලගේ අරමුණ තමයි මේ රටට මේ වගේ ලිංගික ක්‍රියාකාරකම් බලෙන් ඇතුළු කිරීම. මේවා පාසල්වලට අවශ්‍යද? අපි දන්නවා ඉස්සර 'සෞඛ්‍ය විද්‍යාව' (Health Science) කියලා විෂයක් තිබුණා. ඒ කාලේ සෞඛ්‍ය විද්‍යාව තුළ මේ සියලු දේවල් අන්තර්ගතව තිබුණා. පසුව මේවා විෂයන් වශයෙන් වෙන් වෙලා ආවා. මම මේක සිංහලෙන්, අමුම ඇත්ත විදිහට කියන්නම්. පහුගිය ආණ්ඩුවලත් ඔය "ගල් බාස්ලා" හිටියා. ඕනෑම ගලක් කපන, ගල් කටුවකින් ඉන්න පුළුවන් දක්ෂ, පාර්ලිමේන්තුව නියෝජනය කරපු ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ 'ගල් බාස්ලා' හිටියා. ඒ වගේම 'ආප්ප කඩ' දාපු අයත් හරියට හිටියා. ඉතින් ඒකේ කිසිම ගැටලුවක් නැහැ, ඒක එයාලගේ අයිතිය. නමුත් ප්‍රශ්නය තියෙන්නේ මේවා දරුවන්ගේ අධ්‍යාපනයට ගේන එකයි.
රටේ තියෙන අධ්‍යාපන ප්‍රතිපත්තියත් එක්ක සෙල්ලම් කරන්න එපා. මට මතකයි මීට කලකට පෙර, 12 හෝ 13 වසරේ දරුවන් සම්බන්ධයෙන් අපේ හිටපු අග්‍රවිනිශ්චයකාරතුමිය වූ ශිරාණි බණ්ඩාරනායක මැතිනිය ලබා දුන් තීන්දුවක්. එදා අධ්‍යාපන ලේකම් ගෝඨාභය ජයරත්න මහතා ඇතුළු පිරිස දරුවන් එක්ක සෙල්ලමක් කළා. ඊට පස්සේ වෘත්තීය ක්‍රියාකාරිකයන් සහ රටට ආදරය කරන මිනිස්සු එකතු වෙලා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් දැම්මා. මමත් ඒ වෙලාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටියා. එතුමිය සඳහන් කළේ "Don't play with the school children" (පාසල් දරුවන් සමඟ සෙල්ලම් කරන්න එපා) කියලයි. මේ පුංචි දරුවන් තමයි රටේ අනාගතය. එදා ශිරාණි බණ්ඩාරනායක මැතිනිය ඒ තීන්දුව දුන්න නිසා තමයි, කිසිම සුදුසුකමක් නැති මිනිස්සු පාර්ලිමේන්තුවට ගෙනල්ලා එතුමියව ඉවත් කරන්න කටයුතු කළේ.
දැන් යන්නෙත් ඒ ක්‍රමයටමයි. ඒ රේල් පීල්ලෙමයි දැනුත් යන්නේ. හැබැයි කලින් අය ටිකක් හොඳයි; මුන්ගෙන් ගන්නම දෙයක් නැහැ. මේ විෂයන්වලට, මේ අමාත්‍යාංශවලට වැරදි මිනිස්සු දාලා තියෙන්නේ.
හොඳම උදාහරණයක් කියන්නම් බුද්ධ ශාසන අමාත්‍යංශය ගැන. මේ වෙනකොට බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලෙටර් හෙඩ් (Letter Head) එකත් අයින් කරන්න ඕනේ. දැන් ඇමතිවරයා කියනවනේ එහෙම එකක් නැහැ කියලා. ඒ හින්දා 'බුද්ධ ශාසන අමාත්‍යංශය' කියන එක අයින් කරලා 'ආගමික කටයුතු' කියලා ගහගන්න. මෙතන ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ලේකම්වරයා විදේශ කටයුතු අමාත්‍යංශයට ලියුමක් යවලා තියෙනවා, ජනවාරි මාසේ පළවෙනිදා ඉඳලා අපේ භික්ෂූන් වහන්සේලාට සහ සිල් මාතාවන්ට වීසා ලබා ගැනීමට ආගමික කටයුතු අමාත්‍යංශයෙන් නිර්දේශ ලිපියක් අවශ්‍ය නැත කියලා. වීසා ලබා ගැනීමට පහසුකම් සලකලා තියෙනවාලු.
මේකේ භයානකකම බලන්න. අපි භික්ෂූන් වහන්සේලා හැටියට අපිට නිකායන් තියෙනවා, පාර්ශව තියෙනවා, සංඝ මූලස්ථාන තියෙනවා. අතිගරු මහානායක මාහිමිපාණන් වහන්සේලා සිව් දෙනෙක් මේ රටේ වැඩ ඉන්නවා. ඉස්සර අපි විදේශගත වෙන්න වීසා ගන්න ඕන වුණාම, උන්වහන්සේලාගේ නිර්දේශ ලිපියක් අරගෙන බුද්ධ ශාසන අමාත්‍යංශයට යනවා. එතකොට එතනින් ලේකම්වරයා විදේශ කටයුතු අමාත්‍යංශයට නිර්දේශයක් දෙනවා "මේ හාමුදුරුවන්ට වීසා නිකුත් කරන්න, මහානායක හාමුදුරුවන්ගේ නිර්දේශය ලැබිලා තියෙනවා" කියලා.
නමුත් දැන් අමාත්‍යංශයෙන් යවපු ලිපිය මම කියවන්නම්. විෂය: බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය. එහි සඳහන් වෙනවා: "ගෞරවනීය ස්වාමීන් වහන්සේ, මෙහෙණින් වහන්සේ, මේ රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ මෙහෙණින් වහන්සේලා වෙනුවෙන් පෞද්ගලික විදේශ සංචාර සඳහා වීසා ලබා ගැනීමට තානාපති කාර්යාල වෙත නිර්දේශ ලිපියක් මෙතෙක් අමාත්‍යංශය මගින් නිකුත් කර ඇත. නමුත් අනිකුත් සියලුම ආගමික පූජ්‍ය පක්ෂ සහ මහජනතාව සම්බන්ධයෙන් පවතින පොදු ක්‍රමවේදය යටතේ, නිර්දේශ ලිපියකින් තොරව බෞද්ධ භික්ෂූන් වහන්සේලාට සහ මෙහෙණින් වහන්සේලාට වීසා නිකුත් කිරීමට කටයුතු කරන මෙන් සියලුම තානාපති කාර්යාල දැනුවත් කර ඇත. ඒ බව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යංශයේ ලේකම්ගේ අංක PR/22/CP/ORT/2025 දරන ලිපිය මගින් මා වෙත දන්වා ඇත. ඒ අනුව 2026 ජනවාරි මස පළමු වන දින සිට තානාපති කාර්යාල වෙත වීසා ලබා ගැනීමට නිර්දේශ ලිපි ලබා දීමක් සිදු නොකරන අතර, පවතින පොදු ක්‍රමවේදය යටතේ වීසා ඉල්ලුම් කළ හැකි බව ගෞරව පූර්වකව දන්වමු." (අත්සන් කළේ: එම්. නාලිකා පී. ගුණරත්න, අතිරේක ලේකම් - බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය)
මෙන්න මහත්තයෝ, දැන් මේකෙන් වෙන්නේ ඕනෑම කෙනෙක්ට නිර්දේශයක් නැතුව, හොරට පාස්පෝට් හදාගෙන, හොරට සිවුරක් දාගෙන, ඕනෑම චීවරයක් පැළඳගෙන යන්න පුළුවන් වෙන එකයි. මේ රටේ එහෙම දේවල් වෙනවා. මේක කරන්නේ මහානායක හාමුදුරුවන්ගේ බලය බිඳින්නයි. අපේ අති ගෞරවනීය පරම පූජනීය මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ අවධානයට යොමු කරන්න ඕනේ, මේ ඔබ වහන්සේලාට නිල වශයෙන් ලැබී තිබුණු බලයයි මේ අහිමි කරන්නේ.
ජනවාරි පළවෙනිදා ඉඳලා මේ දේවල් කරන්නේ ලේකම්වරයාගේ තනි තීරණයට නෙවෙයි; ජනාධිපති හෝ හරිනි අමරසූරිය ඇතුළු ආණ්ඩුවයි මේවා කරන්නේ. ලේකම්වරයෙක්ට තනි තීරණ ගන්න බැහැ. දැන් හත්පොලේ ගාගෙන ලේකම් කෙනෙක් ඉල්ලා අස්වෙන්න හදනවා. ඒ කාලෙත් 'සුදු රෙදි බෙදුවා', 'සිල් බෙදුවා' කියලා ලේකම්ලා දෙන්නෙක් හිරේ දැම්මා. අන්තිමට "පහත් තැනින් යයි ගලා ජලය" වගේ නිලධාරීන් බිල්ලට දෙනවා.
අපේ රටේ ජනතාව, භික්ෂු භික්ෂුණී, උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිස මේක තේරුම් ගන්න ඕනේ. පක්ෂ පාට භේදයෙන් ප්‍රශ්නයක් නැහැ; මේ වෙලාවේ "මගේ දරුවෝ, අපේ දරුවෝ" කියන එක විතරක් සිහිපත් කරගන්න.
මේ සිද්ධි ආවට පස්සේ අපේ මහානායක හාමුදුරුවන්ටත් විවිධ චෝදනා එල්ල වුණා. නමුත් උන්වහන්සේලා අවශ්‍ය වෙලාවට ක්‍රියාත්මක වුණා. මහානායක හිමිවරුන් හතර නම එකතු වෙලා ජනාධිපතිවරයාට ලිපියක් යැව්වා. ඒ වෙලාවේ ජනාධිපති රට හිටියේ නැහැ. පසුව අස්ගිරි මහා විහාරයේ උත්සවයකදී, දළදා හාමුදුරුවන් පෙනි පෙනී ජනාධිපතිවරයා කිව්වා "එහෙම දෙයක් වෙන්නේ නැහැ" කියලා. හැබැයි කිව්ව දේමයි වෙලා තියෙන්නේ.
ජනාධිපතිතුමාට කියන්නේ, මේවා වස් වදින වැඩ. අනක්, පණක්, විනයක් හදාගන්න. ඔබතුමා තවත් තැනක ඉන්න 'කූතාඩියෙක්ගේ' අතකොළුවක් වෙන්න එපා. කූතාඩියෝ ඉන්නේ පැත්තක; එතන ඉන්න නයා, මුගටියා, රිලවා තමයි නටන්නේ. තමුන් වහන්සේත් ඒ විදිහට නටන්න එපා.
අපේ ජීවිත කාලේ අපි දැක්කා මේ වගේ බොරු වලට පොළොවම හෙළවුණු හැටි. මේ අය බුද්ධ ශාසනයට වක්‍රාකාරයෙන් කරන විනාශය ගැන අපි කියනකොට සමහරු අවදි වෙයි, සමහරු අපිට බණියි. ඒක ප්‍රශ්නයක් නැහැ. ජනාධිපතිවරයා ඊයෙත් දළදා හාමුදුරුවන් වහන්සේව රැවැට්ටුවා. මහානායක හාමුදුරුවන්ගේ ආශිර්වාද ගත්තා. හැබැයි මේ ඔක්කොම බොරු. "හක්කේ බුදු රැස් - බොක්කේ දඩමස්" න්‍යායෙන් තමයි මේ අය වැඩ කරන්නේ.
අම්මලා ටික එළියට බැස්සාම මේ අයව වටකරලා එලවන්න සූදානම් වෙනවා. මේ රටේ අධ්‍යාපනය එකෙක් කනවා, බුද්ධ ශාසනය තව එකෙක් කනවා. බුද්ධ ශාසනයට තියෙන්නේ 'කුඩම්මගේ සැලකිලි' වත් නෙවෙයි; ඊටත් අන්තයි.
නිදහසින් පස්සේ ආපු හැම පාලකයෙක්ම යම්තාක් දුරට හෝ කියන දේ ඇහුවා. හැබැයි මේ අය සවන් දෙන්නේ නැහැ. හිතුවක්කාරයි. මේ අය හදන්නේ රට අයාලේ යන තැනකට පත් කරන්නයි.
රටේ අම්මලා තාත්තලා, ඡන්දය දුන් නොදුන් සියලු දෙනාටම කියන්නේ, එන මැතිවරණවලදී මේ අයව පරද්දන්න ඕනේ. අය වැය දිනනවා කියන්නේ මේ රට අඳුරට, අගාධයට සහ ලිංගික විකෘතියට ගෙනියන එකයි. මේ එක විෂයක් විතරයි; අනිත් විෂයන් 12ක් 14ක් විතර තියෙනවා. මේ පොත්වල තියෙන දේවල් බලන්න. මේ අයගේ වුවමනාව ගැහැණු දරුවෙක් තවත් ගැහැණු දරුවෙක් එක්ක, පිරිමි දරුවෙක් තවත් පිරිමි දරුවෙක් එක්ක යහන්ගත කරවීමයි (හරිනිලාගේ වුවමනාව).
අම්මේ තාත්තේ, මේකෙන් ඇති වෙන්නේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ, ලිංගාශ්‍රිත රෝග බහුල වූ පරපුරක්. මේක 'සොම්බිලන්තයක්' (Zombie Land), සොම්බි දේශයක් කරන්නයි මේ අයට ඕනේ. ආගමක් නැති, ජාතියක් නැති දරුවෝ ටිකක් බිහි කිරීමයි මේ අයගේ බලාපොරොත්තුව.
අපි දැනුවත් කළා. ගල් බාස්ලටවත්, ආප්ප කඩකාරයන්ටවත් ඕනෑ විදිහට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරන්න බැහැ. 6 වසරේ පුංචි දරුවෝ මොනවද දන්නේ? වෙබ්සයිට්වලට ගිහින් බලන්න කියලා දරුවන්ට කිව්වාම, අද දරුවෝ මානසික රෝගීන් වෙලා. මට ඊයේ පෙරදා දෙමව්පියෝ කතා කරලා කිව්වා දරුවන්ව මානසික වෛද්‍යවරුන්ට පෙන්වන්න වෙලා කියලා.
තව දවස් 365ක් තියෙනවා. කවුද මේකට වග කියන්නේ? අපි රැල්ලට ගිහින් ත්‍රස්තවාදීන්ට බලය දුන්නා. අධ්‍යාපන අමාත්‍යංශයේ, දේශපාලන පක්ෂවල, මාලිමාවේ චෝදනා ලාභීන් ගොඩක් ඉන්නවා. මේ හැත්ත බුරුත්තම කරන්නේ රට විනාශ කිරීමයි. අපි මුලින්ම කිව්වා ආගමත් ඉවරයි, රටත් ඉවරයි කියලා. අගමැති කියනවා එයා දන්නේ නැහැ කියලා, ලේකම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යනවා, ජනාධිපති තව එකක් කියනවා.
රටේ මිනිස්සුන්ට කියන්නේ, මේ අයව සහමුලින්ම එලවන්න ඕනේ. නැත්නම් 2027 වෙනකොට 'අනාගමිකයෝ' කියන කොටසක් එනවා. බෞද්ධකම 50%ට අඩු කරලා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බුද්ධාගම සුරක්ෂිත කරන වගන්තියත් අයින් කරන්න මේ අය සැලසුම් කරලා ඉන්නේ. මේක ඩයස්පෝරාව සහ රාජ්‍ය නොවන සංවිධානවල වුවමනාවට පිටරට ඉන්න 'කූතාඩියා' මෙහෙයවන වැඩක්. නයා ඉන්නේ මෙහෙ. ඌට ඕනෑ වෙලාවට පෙණ ගහනවා, දෂ්ට කරනවා.
අපේ මහානායක හාමුදුරුවන් වහන්සේලා, මේ අයට රැවටෙන්න එපා. උන්වහන්සේලාට අවසරයි, මුන්ට එන්න දෙන්න එපා. මුන්ට ගහලා එලවන්න ඕනේ. ප්‍රභාකරන් වගේමයි; සාම සාකච්ඡා කළාට තේරෙන්නේ නැහැ. අන්තිමට යුද්ධයෙන් තමයි ඉවර කළේ. 88/89 කාලේ, 71 කාලේ කරන්න බැරි වුණු දේවල් දැන් නෛතිකව කරගන්නයි මේ හදන්නේ.
දයාබර රට වැසියනි, නැගිටපල්ලා! වැරහැලි ඇඳගෙන හරි කමක් නැහැ නැගිටපල්ලා. අනුන්ගෙන් ඉල්ලාගෙන කෑවත්, යටට අඳින එකේ හිල් තිබුණත් කමක් නැහැ, මේ වෛරී පාලනයට එරෙහිව නැගිටින්න. මේ අය හදන්නේ වෛරය පිරිමහන්නයි.
බුදු දහමට, සිංහල ජාතියට සහ පුංචි දරුවන්ට අත් වෙන්න යන ඛේදනීය ඉරණම ගැන හිතන්න. අධ්‍යාපනය කරන්න, රට පාලනය කරන්න මේ අයට තේරෙන්නේ නැහැ. දරුවෝ නැති අම්මලා, දරුවෝ නැති පියවරු, ස්වාමිපුරුෂයෝ නැති කාන්තාවෝ ඉන්නවා; ඒ අයගෙන් හානියක් නැහැ. නමුත් බලය ගත්ත මේ පිරිසටත් ඒ වගේමයි; දරුවන්ගේ වටිනාකම තේරෙන්නේ නැහැ. හරනිට ඕනේ සමලිංගික සහ ආප්ප කඩ සංස්කෘතිය නීතිගත කරන්න.
ඒ හින්දා ඔය ආප්ප කඩ වහලා, පරණ තිබුණු විදිහටම සදාචාර සම්පන්න අධ්‍යාපන ක්‍රමය ගේන්න ඕනේ. විශ්වවිද්‍යාල ආචාර්යවරු මේ අයට උදව් කළේ රටට හොඳක් වෙයි කියලා හිතාගෙන. හැබැයි අපි මුල ඉඳලම කිව්වා මේ අයගේ අරමුණ නිරාගමික සහ සමලිංගික න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම කියලා.
ඔන්න දැන් දායාදය දීලා තියෙනවා. ඒක කරේ තියාගෙන යනවද, නැත්නම් බිම තියලා මේ අයව ගහලා එලවනවද කියන එක රටේ ජනතාව තීරණය කරන්න ඕනේ."