information-revealed-about-the-three-underworld-figures-brought-from-dubai-yesterday

සංවිධානාත්මක අපරාධ, මිනීමැරුම් සහ මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලිසියේ රතු නිවේදන නිකුත් කර සිටි සැකකරුවන් තිදෙනෙකු ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන ඊයේ (16) අලුයම දිවයිනට රැගෙන එනු ලැබීය. ශ්‍රී ලංකා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මොවුන් ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්.

226 දරණ ගුවන් යානයෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණේ අලුයම 5.20 ට පමණය.




මෙම සැකකරුවන් මෙරටට ගෙන්වා ගැනීම සිදුවූයේ උදර්පණ නීතිය යටතේ ශ්‍රී ලංකා පොලිසිය සහ ඩුබායි මෙන්ම අබුඩාබි ආරක්ෂක අංශ අතර ගොඩනගාගත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මතය. පසුගිය දින කිහිපය තුළ එරටදී අත්අඩංගුවට ගෙන තිබූ මෙම පිරිස අතර දකුණේ පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධ ප්‍රබලයෙකු සහ හිටපු අමාත්‍ය මංගල සමරවීරගේ ලේකම්වරයෙකුට වෙඩි තැබීමේ සිද්ධියක සැකකරුවෙකු ද වෙති.

දිවයිනට රැගෙන ආ පිරිස අතර සිටින රවීන් චමින්ද වීරසිංහ හෙවත් 'පුංචා' නමැත්තා 52 හැවිරිදි වියේ පසුවන කඳාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මොහු 2025 වසරේ ජූලි මස කඳාන ප්‍රදේශයේදී හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ඉලක්ක කර වෙඩි තැබීමේ සිද්ධිය සහ ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි අයෙකි. මොහු බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය වෙත භාරදීමට නියමිතව ඇත.




අනෙක් සංවිධානාත්මක අපරාධකරු වන්නේ ඇල්පිටිය සහ ඌරස්මංහන්දිය ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් අපරාධ රැසක් මෙහෙයවූ බව කියන කිරිඇල්දෙණියගේ දොන් රසික සංජීව කුමාර හෙවත් 'ඌරගහ චූටි මල්ලි' නමැත්තාය. 30 හැවිරිදි වියේ පසුවන මොහු කප්පම් ගැනීම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකු වන අතර වැඩිදුර විමර්ශන සඳහා ඇල්පිටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වෙත භාරදීමට නියමිතය.

පැමිණි පිරිස අතර සිටින කාන්තාව විදෙස් තානාපති කාර්යාලයක සේවය කරමින් සිටියදී රජයේ මුදල් අවභාවිතා කිරීමේ චෝදනාවට ලක්ව සිටි තැනැත්තියකි. නිශාමනි ද සිල්වා නැමැති 56 හැවිරිදි මෙම කාන්තාව රත්මලාන ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර ඇයට එරෙහිව කොළඹ මහා අධිකරණය මගින් සිර දඬුවම් සහ දඩ නියම වී තිබිණි. ඇය වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇත.



විදෙස් රටවල සැඟව සිටින මෙවැනි අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය මේ වන විට රතු නිවේදන 95 ක් ලබාගෙන ඇති අතර 2024 සහ 2025 වසරවලදී පමණක් සැකකරුවන් 21 දෙනෙකු මෙරටට ගෙන්වා ගැනීමට පොලිසිය සමත්ව තිබේ.

news-2026-01-17-053439

news-2026-01-17-053439

news-2026-01-17-053439

news-2026-01-17-053439

news-2026-01-17-053439

news-2026-01-17-053439

news-2026-01-17-053439

news-2026-01-17-053439