ඉන්දියාාවේ වාසය කළ ඉන්දියානු දර්ශනය බටහිර ලෝකයට ගෙන ගිය පුරෝගාමී චරිතයක් වූ මහාචාර්ය ශ්‍රී ආනන්ද තමාට වීරයෙක් වූ හැටි ගැන කියමින් අගමැති ආචාර්ය හරිනි අමරසූරිය පසුගියදා සිදු කළ පැහැදිලි කිරීමක් අන්තර්ජාලයට එක්ව තිබේ. නෝර්වේ රාජ්‍යයේ 'ට්‍රොන් කන්දේ මුනිවරයා' ලෙස විරුදාවලි ලත් මහාචාර්ය ශ්‍රී ආනන්ද හෙවත් ස්වාමි ශ්‍රී ආනන්ද ආචාර්ය (1881–1945), ඉන්දියානු දර්ශනය බටහිර ලෝකයට ගෙන ගිය පුරෝගාමී චරිතයකි.
ශාස්ත්‍රීය කටයුතුවලට අමතරව ඉන්දියානු නිදහස් අරගලයේ ද ක්‍රියාකාරී සාමාජිකයෙකු වූ ශ්‍රී ආනන්ද, බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව ගෙන ගිය ප්‍රතිරෝධී ව්‍යාපාර හේතුවෙන් බ්‍රිතාන්‍ය බලධාරීන්ගේ දැඩි අවධානයට හා ලුහුබැඳීමට ලක් විය. දාර්ශනික ග්‍රන්ථ, ගී පද රචනා, නාට්‍ය සහ සූපශාස්ත්‍ර ග්‍රන්ථයක් ද ඇතුළුව කෘති තිහකට අධික සංඛ්‍යාවක් රචනා කර ඇති ඔහු ඉන්දියානු සහ බටහිර චින්තනය පෝෂණය කිරීම වෙනුවෙන් විශිෂ්ට සාහිත්‍යමය මෙහෙවරක් ඉටු කර ඇත.අගමැතිනිය ඔහු ගැන සිදු කළ පැහැදිලි කිරීම මෙසේය.
"බොහෝ විට මම දකින්නේ, අපගේ පුද්ගලික ජීවිතය එකක් ලෙසත්, වෘත්තීය ජීවිතය තව එකක් ලෙසත්, අපගේ සටන්කාමී හෝ අරගල ජීවිතය තවත් එකක් ලෙසත් පවතින බවයි.
මේ කව තුන තුළදීම එකම ප්‍රතිපත්තියක් සහ එකම හෘද සාක්ෂියක් (හඳුනා සාක්ෂියක්) සහිතව කටයුතු කිරීම පහසු දෙයක් නොවේ. නමුත් මහාචාර්ය ශ්‍රී ආනන්දට ප්‍රතිපත්තිගරුක බව සහ මානුෂීය බව කියන්නේ හුදු ලේබලයක් හෝ පිට කවරයක් පමණක් නොවේ. මහාචාර්ය ශ්‍රී ආනන්ද කියන්නේ කවුද යන්න තීරණය වන්නේ එයින්.
එතැනදී මහාචාර්ය ශ්‍රී ආනන්දගේ ඉගැන්වීම් කටයුතු හෙවත් ශාස්ත්‍රීය ජීවිතය, අරගල ජීවිතය සහ පුද්ගලික ජීවිතය යන මේවා අතර කිසිදු පරස්පරයක් නොමැත. මේවා එකිනෙකට පරස්පර නැහැ. ඒ විවෘතභාවය සහ ප්‍රතිපත්තිමය ස්ථාවරයන්ට (principled positions) එකඟව කටයුතු කිරීම, ඒ සෑම කරුණක් තුළම ඉතා පැහැදිලිව දකින්නට ලැබෙන දෙයක්.
ඉතින් මාව පුදුමයට පත් කළේ සහ මම මහාචාර්ය ශ්‍රී ආනන්දව 'වීරයෙක්' ලෙස සලකන්නට මට බලපෑ ප්‍රධානම කාරණය එයයි. අපේ ජීවිතවල එය අපහසු වුවත්, මහාචාර්ය ශ්‍රී ආනන්ද කියන්නේ එලෙස ජීවත් වූ කෙනෙක්.
විශේෂයෙන්ම මමත් ඔය කව තුනේදීම සිටි සහ දැනටත් සිටින කෙනෙක් හැටියට, එහි ඇති දුෂ්කර බව මම හොඳින්ම දන්නවා. ඒ නිසාම මහාචාර්ය ශ්‍රී ආනන්දට එතරම්ම ප්‍රතිපත්තිගරුකව එය පවත්වාගෙන යාමට හැකිවීම ගැන මගේ සිතේ එතුමා කෙරෙහි විශාල ගෞරවයක් හෝ භක්තියක් තිබෙනවා. (මම හිතන්නේ මහාචාර්ය ශ්‍රී ආනන්ද මේ වචන භාවිතා කරනවාට එකඟ නොවෙන්නත් පුළුවන්).
අසීරු අවස්ථාවලදී වුවත්, ජනප්‍රිය නොවන ස්ථාවරයන් ගැනීමේ ධෛර්යය සහ විවෘතභාවය මම ඔහුගෙන් ලබාගෙන තිබෙනවා. මම අදටත් ඒ දේවල් ඔහුගෙන් ඉගෙන ගන්නවා."
