කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පැමිණීමේ පර්යන්තය තුළ විදේශ විනිමය හුවමාරු කවුළු පවත්වාගෙන යාම සඳහා වන කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීමට රජය තීරණය කර තිබේ. ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියේ කොටසක් ලෙස පැමිණීමේ පර්යන්තය නැවත සකස් කිරීමේදී, මීට පෙර රේගු කටයුතු සඳහා වෙන් කර තිබූ ප්‍රදේශයේ ස්ථාපිත කර තිබූ මුදල් හුවමාරු කවුළු වෙනත් ස්ථානයක ස්ථානගත කිරීමට අවශ්‍යතාවයක් මතු වී ඇත.
එලෙස අලුතින් වෙන් කර ඇති ස්ථානවල මෙම මුදල් හුවමාරු කවුළු ස්ථානගත කිරීමේදී අදාළ වන මාසික කුලිය සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීමට නොහැකි වීම හේතුවෙන් ඊට පෙර පැවති ගිවිසුම් අත්හිටුවීමට සීමාසහිත ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගම විසින් මීට පෙර පියවර ගෙන තිබිණි. ඉන් අනතුරුව, පැමිණීමේ පර්යන්තයේ අලුතින් වෙන් කරන ලද ප්‍රදේශයක වසර 03ක කාලසීමාවක් සඳහා විදේශ විනිමය හුවමාරු කවුළු පවත්වාගෙන යාම පිණිස ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය ලත් ආයතන වෙතින් සීමිත තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය යටතේ ලංසු කැඳවීමට කටයුතු යොදන ලදී.
ඒ අනුව ඉදිරිපත් වූ ලංසු 05ක් සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව ලබා දුන් නිර්දේශ මත පදනම්ව, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. මෙම නව අනුමැතියට අනුව කවුළු අංක 04 පවත්වාගෙන යාම සඳහා රුපියල් මිලියන 972.77ක් සහ අදාළ බදු ඇතුළත් මුදලකට කොමර්ෂල් බැංකුව (Commercial Bank of Ceylon PLC) වෙත ද, කවුළු අංක 05 සඳහා රුපියල් මිලියන 877.14ක් සහ අදාළ බදු මුදලකට ලංකා බැංකුව (Bank of Ceylon) වෙත ද කොන්ත්‍රාත්තු පිරිනැමෙනු ඇත.
තවද, කවුළු අංක 06 පවත්වාගෙන යාම සඳහා රුපියල් මිලියන 720.79ක් සහ අදාළ බදු ඇතුළත් මුදලකට තෝමස් කුක් ලංකා (Thomas Cook Lanka (Pvt) Limited) ආයතනය තෝරාගෙන ඇති අතර, කවුළු අංක 07 සඳහා රුපියල් මිලියන 646.64ක් සහ අදාළ බදු මුදලකට සම්පත් බැංකුව (Sampath Bank PLC) වෙත කොන්ත්‍රාත්තුව හිමිවී තිබේ. මීට අමතරව කවුළු අංක 08 සඳහා රුපියල් මිලියන 631.61ක් සහ අදාළ බදු මුදලකට මහජන බැංකුව (People's Bank) වෙතත් වසර 03ක කාලසීමාවක් සඳහා මෙම කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීමට පියවර ගෙන ඇත.