access-companys-25-year-monopoly-on-vehicle-number-plates-has-been-changed-to-south-asian-technologies

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම තහවුරු කරමින්, ඉදිරි වසර පහක කාලය සඳහා වාහන අංක තහඩු මුද්‍රණය කර සැපයීමේ කොන්ත්‍රාත්තුව ලබා දීමට රජය පියවර ගෙන තිබේ . ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ මේ සඳහා ලංසු කැඳවූ අතර, ඒ සඳහා ආයතන හතරක් විසින් ලංසු ඉදිරිපත් කර ඇත .




ඉදිරිපත් වූ ලංසු අධ්‍යයනය කිරීමෙන් අනතුරුව, ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව සහ ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලය විසින් ලබා දුන් නිර්දේශ සැලකිල්ලට ගනිමින් සුදුසුම ආයතනය තෝරා ගෙන තිබේ . ඒ අනුව, M/s South Asian Technologies (Pvt) Ltd ආයතනය වෙත මෙම කොන්ත්‍රාත්තුව පිරිනැමීමට තීරණය කර ඇත .

මෙම කොන්ත්‍රාත්තුව වසර 05ක කාලසීමාවක් සඳහා වලංගු වන අතර, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත . මේ හරහා වාහන ලියාපදිංචි කිරීමේදී සහ අංක තහඩු නිකුත් කිරීමේදී ජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට හැකියාව ලැබෙනු ඇත. 2000 වසරේ සිට වසර 25ක් පුරා මෙම කටයුත්ත 'ඇක්සස්' එකම සමාගම විසින් සිදු කිරීම නිසා ඇතැම් සංකීර්ණතා මතුව තිබුණි. 2000 වසරේ සිට එකම සමාගමක් මෙම ටෙන්ඩරය ලබාගෙන තිබූ අතර 2008 හා 2019 ටෙන්ඩරය අළුත් කර ලබාදී තිබුනේද එම සමාගමටය. නමුත්, මෙවර නව ටෙන්ඩරය සඳහා සමාගම් 04 ක් ඉදිරිපත් වී තිබූ අතර ඉන් තෝරාගත්තේ පෙර සදහන් සමාගමය.




මීට පෙර අංක තහඩු සැපයූ ඇක්සස් ආයතනය විසින් ජනාධිපති කාර්යාලය වෙත අභියාචනයක් ඉදිරිපත් කරතිබූ නමුත් නව ටෙන්ඩරය ඔවුනට හිමි නොවිණි.