කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කර තිබේ. ඒ, ඔවුන්ගේ නම සහ ලාංඡනය අනිසි ලෙස භාවිත කරමින් ව්‍යාජ සමාගමක් රුපියල් මිලියන 17කට අධික මුදලක් තැන්පත්කරුවන්ගෙන් වංචා කිරීම සම්බන්ධයෙනි.
කොළඹ කොටස් වෙළෙඳපොළේ ජ්‍යෙෂ්ඨ උප සභාපති (අලෙවිකරණ) නිරෝෂන් විජේසුන්දර මහතා ප්‍රකාශ කළේ, මෙම වංචනිකයින්, කොටස් වෙළෙඳපොළ ආයෝජන සහ මූල්‍ය උපදේශන සේවා ලබාදෙන බවට පොරොන්දු වෙමින්, කොළඹ කොටස් වෙළෙඳපොළේ ලියාපදිංචි නීත්‍යනුකූල මූල්‍ය සමාගමක් ලෙස පෙනී සිට ඇති බවයි.
මෙම වංචාව ව්‍යාජ ජංගම යෙදුමක් (Mobile App) ඔස්සේ සිදුකර ඇති බවත්, එය පසුගිය වසරේ නොවැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක වන බවට විශ්වාස කරන බවත් වාර්තා වේ.
මේ වන විට රුපියල් මිලියන 17කට අධික මුදලක් වංචා කර ඇති නමුත්, වින්දිතයන්ගේ නිශ්චිත සංඛ්‍යාව තීරණය කිරීම දුෂ්කර බව විජේසුන්දර මහතා වැඩිදුරටත් පැවසීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවමත් කිසිදු සැකකරුවෙකු හඳුනාගෙන නොමැති අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මේ පිළිබඳව පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.
ඒ හා සමාන වංචාවන්ට ගොදුරුවීම වළක්වා ගැනීම සඳහා කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීමේදී නිසි ක්‍රියාපටිපාටි අනුගමනය කරන ලෙසත්, කොළඹ කොටස් වෙළෙඳපොළ හරහා සෘජුවම නිල උපදෙස් සහ ආයෝජන තොරතුරු ලබාගන්නා ලෙසත් විජේසුන්දර මහතා ආයෝජකයන්ගෙන් දැඩි ලෙස ඉල්ලා සිටියේය.