රටේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන්, පොලොන්නරුව – මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු සඳහා බාධා පැමිණ ඇත.
විශේෂයෙන්ම, එම මාර්ගයේ ගල්ලෑල්ල සිට මනම්පිටිය දක්වා වූ කොටස හරහා ජලය ගලායාම හේතුවෙන්, ආරක්ෂිත පියවරක් ලෙස පොලොන්නරුව පොලීසිය ඊයේ (19) රාත්‍රියේදී ත්‍රීරෝද රථ සහ යතුරුපැදි ධාවනය සීමා කිරීමට පියවර ගත්තේය.
මාර්ගය හරහා ජලය ගලා යාම හේතුවෙන් කුඩා වාහන ධාවනය අවදානම් සහගත බැවින් මෙම තීරණයට එළඹුණු බව පොලොන්නරුව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval