පෙරේදා (18) රාත්‍රියේදී, එක්සත් ජාතික පක්ෂයේ නායක මෙන්ම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ පිහිටි සුපිරි නිවාස සංකීර්ණයකදී සමගි ජන බලවේගයේ ප්‍රමුඛ පෙළේ ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු සමග සාකච්ඡාවක් පවත්වා ඇති බවට තොරතුරු වාර්තා වේ.
මෙම හමුවට සමගි ජන බලවේගයේ ආසන සංවිධායකවරුන් වන වරුණ රාජපක්ෂ සහ චරිත් අබේසිංහ යන මහත්වරුන් ද එක්ව සිටි බව වැඩිදුරටත් සඳහන් වේ.
එහිදී, පෙර පැවති හමුවක් සම්බන්ධයෙන් සමගි ජන බලවේගය දිගින් දිගටම ප්‍රශ්න කිරීම් සිදුකිරීම පිළිබඳව රනිල් වික්‍රමසිංහ මහතා ඔවුන්ගෙන් විමසා තිබේ. එමෙන්ම, එම තත්ත්වය සම්බන්ධයෙන් තමන්ගෙන් අපේක්ෂා කරන්නේ කුමක්දැයි ද වික්‍රමසිංහ මහතා විමසා ඇති බව සඳහන් වේ.
තවද, චරිත් අබේසිංහ මහතා වික්‍රමසිංහ මහතාගෙන් විමසා ඇත්තේ, තමන් නායකත්වයෙන් ඉවත්වීමට සූදානම් බව පැවසුවේ සත්‍යයක් ද යන්නයි. ඊට ප්‍රතිචාර දක්වමින් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ, කිසිදු ගැටලුවකින් තොරව පක්ෂ දෙකේ සමගිය උදෙසා ඕනෑම මොහොතක නායකත්වයෙන් ඉවත්වීමට තමන් සූදානම් බවත්, එහෙත් වර්තමානය වන විට මෙම පක්ෂ දෙකෙන් කිසිවක් Gen Z පරම්පරාවට ගැළපෙන නායකයින් බිහි කර නොමැති බවත්ය. එබැවින්, එය සිදුවන තෙක් කිසිවෙකුටත් ජයග්‍රහණය කළ නොහැකි තත්ත්වයක් පවතින බැවින්, ඒ සඳහා ඔවුන් කටයුතු කළ යුතු බව ද හිටපු ජනාධිපතිවරයා පවසා ඇති බවට ආරංචිමාර්ග තහවුරු කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval