ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ නියෝජිතයෙකු ලෙස ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා ඇතුළු ඉහළ පෙළේ දූත පිරිසක් නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබේ.
ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ මෙම පැමිණීම මූලික වශයෙන් 'දිට්වා' සුළි කුණාටුවෙන් පීඩාවට පත් ශ්‍රී ලංකාව වෙත ඉන්දීය රජයේ සහයෝගය තවදුරටත් තහවුරු කිරීමේ අරමුණින් සිදුවන්නක් බව වාර්තා වේ.සිය සංචාරය අතරතුරදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ජනාධිපතිවරයා ඇතුළු රජයේ ඉහළ පෙළේ නියෝජිතයින් සමග විශේෂ සාකච්ඡා පැවැත්වීමට සැළසුම් කර ඇත. දිවයිනට පැමිණි පසු දින ඔහු ජනාධිපතිවරයා මුණගැසීමට නියමිත අතර, එහිදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් එවනු ලැබූ විශේෂ පණිවිඩයක් ද ජනාධිපතිවරයා වෙත භාරදීමට සූදානමින් සිටින බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.
දෙරට අතර ආර්ථික සබඳතා වර්ධනය කර ගැනීම ඇතුළු අන්‍යෝන්‍ය සහයෝගීතා ක්ෂේත්‍ර රැසක් පිළිබඳව මෙම හමුවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිතය. තවද, මෙම දුෂ්කර අවස්ථාවේදී අසල්වැසි රාජ්‍යයක් ලෙස ඉන්දියාව ලබා දුන් සහයෝගය පිළිබඳව ශ්‍රී ලාංකික ජනතාවගේ සහ රජයේ ස්තූතිය ජනාධිපතිවරයා විසින් ඉන්දීය විදේශ අමාත්‍යවරයා වෙත පළ කිරීමට ද නියමිතව තිබේ.