cyclone_deaths_missing_certificate_issuance

දිත්වා සුළි කුණාටුවෙන් සිදුවූ විනාශය හේතුවෙන් මියගිය සහ අතුරුදහන් වූ පුද්ගලයින්ගේ මරණ සහතික නිකුත් කිරීම සඳහා ජංගම සේවාවක් දැනට ක්‍රියාත්මක වෙමින් පවතී.




මෙම ජංගම සේවාව, රෙජිස්ට්‍රාර් ජනරාල් කාර්යාලයේ සහභාගීත්වයෙන් මධ්‍යම කලාප කාර්යාලය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඒකාබද්ධව සංවිධානය කර ඇති අතර, හානියට පත් විවාහ, උප්පැන්න සහ මරණ සහතික ලබා ගැනීම සහ අදාළ ලියකියවිලි භාර ගැනීම මෙහිදී සිදු කෙරේ.

කෙසේ වෙතත්, ආපදාවෙන් මියගිය අයගේ නම් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමින් උත්සවාකාරයෙන් මරණ සහතික ලබා දීම සහ එම අවස්ථා වීඩියෝගත කිරීම මෙන්ම ඡායාරූපගත කර ප්‍රසිද්ධ කිරීම සමාජ මාධ්‍ය තුළ දැඩි විවේචනයට ලක්ව ඇත.