ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ග්‍රීන් කාර්ඩ් ලොතරැයි වීසා කුමය අත්හිටුවීමටත් පසු සලකා බැලීමකදී විශේෂිත රටවල් 19 කින් පැමිණෙන පුද්ගලයින් ඉලක්ක කර ගනිමින් නීතිමය සංක්‍රමණ ක්‍රියාවලිය දැඩි ලෙස සීමා කිරීමට පියවර ගෙන තිබේ. මෙම නව නියෝගය හරහා අදාළ රටවල පුරවැසියන්ගේ වීසා, ග්‍රීන් කාඩ් (Green Card) සහ පුරවැසිභාවය ලබාගැනීමේ අයදුම්පත් සැකසීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට
එක්සත් ජනපද පුරවැසිභාවය සහ සංක්‍රමණ සේවා ආයතනය (USCIS) කටයුතු කර ඇත. සංක්‍රමණික ක්‍රියාවලියේ අවසන් අදියරේ සිටින අයදුම්කරුවන්ට පවා මෙම තහනම බලපාන බැවින්, අනුමැතිය ලැබීමට ආසන්නව සිටි බොහෝ දෙනෙකුගේ අපේක්ෂාවන් මේ හේතුවෙන් අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබේ.මෙම ක්‍රියාමාර්ගය සංක්‍රමණික නීති ක්ෂේත්‍රයේ බොහෝ දෙනා හඳුන්වන්නේ නීතිමය සංක්‍රමණ ක්‍රියාවලියට එකවරම "තිරිංග තද කිරීමක්" (slams the brakes) ලෙසයි. නව ආරක්ෂක විධිවිධාන සහ පසුබිම් පරීක්ෂා කිරීමේ නීති ප්‍රකාශයට පත් කරන තුරු, කිසිදු අයදුම්පතක් අනුමත කිරීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට නිලධාරීන්ට අවසර නැත. එසේම, පුරවැසිභාවය සඳහා දිවුරුම් දීමේ උත්සව පවා මේ යටතේ නතර කර ඇති අතර, අදාළ රටවලින් පැමිණ දැනටමත් අනුමැතිය ලබා ඇති ග්‍රීන් කාඩ් හිමියන්ගේ ලිපිගොනු නැවත පූර්ණ පරිමාණයේ දැඩි පරීක්ෂාවකට ලක් කිරීමට ද ට්‍රම්ප් පරිපාලනය නියෝග කර තිබේ. මෙය දැනටමත් අනුමත වී ඇති වීසා බලපත්‍ර අවලංගු වීමේ අවදානමක් ද මතු කරයි.
බ්‍රවුන් විශ්වවිද්‍යාලයේ සිදු වූ වෙඩි තැබීම සහ එම්.අයි.ටී. (MIT) මහාචාර්යවරයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුට අමෙරිකාවේ පදිංචිය සඳහා අවස්ථාව සලසා දුන් ග්‍රීන් කාඩ් ලොතරැයි වැඩසටහන අත්හිටුවීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කර තිබේ. ස්වදේශ ආරක්ෂක ලේකම් ක්‍රිස්ටි නෝම් බ්‍රහස්පතින්දා රාත්‍රියේ මෙම තීරණය නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ අතර, මෙය නීත්‍යානුකූල ආගමන ක්‍රියාවලිය සීමා කිරීම සඳහා ට්‍රම්ප් පාලනය විසින් ගනු ලැබූ නවතම පියවර ලෙස සැලකේ. මෙම ක්‍රියාමාර්ගයත් සමඟ මේ වන විටත් නඩු හබ රැසකට මුහුණ දී ඇති ආගමන විගමන ක්ෂේත්‍රය තුළ තවදුරටත් සංකීර්ණ තත්ත්වයක් උද්ගත වී ඇත.
මෙම වෙඩි තැබීමේ සිද්ධීන්ට සම්බන්ධ යැයි සැක කෙරෙන පෘතුගීසි ජාතික ක්ලෝඩියෝ මැනුවෙල් නෙව්ස් වැලෙන්ටේ නමැත්තා මියගොස් ඇති බව බලධාරීන් විසින් තහවුරු කරනු ලැබීය. 2000 දශකයේ දී බ්‍රවුන් විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇති මොහු, 2017 වසරේ දී විවිධත්ව ආගමන වීසා ලොතරැයි වැඩසටහන (DV1) හරහා අමෙරිකාවේ ස්ථිර පදිංචිය සඳහා ග්‍රීන් කාඩ් බලපත්‍රයක් හිමිකරගෙන ඇති බව අනාවරණය වී තිබේ. මෙම අනාවරණයත් සමඟ, තවදුරටත් අමෙරිකානුවන්ට හානියක් සිදු වීම වැළැක්වීම උදෙසා මෙම "විනාශකාරී" වැඩසටහන වහාම අත්හිටුවන ලෙස ජනාධිපතිවරයා එක්සත් ජනපද පුරවැසි හා ආගමන සේවාව වෙත (USCIS) උපදෙස් ලබා දුන් බව ක්‍රිස්ටි නෝම් X (ට්විටර්) පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළාය.
මෙම සැකකරු කිසිසේත්ම අමෙරිකාවට ඇතුළුවීමට ඉඩ නොදිය යුතු අයෙකු බවත්, ඔහු ඉතා දරුණු ගනයේ පුද්ගලයෙකු බවත් ඇය එහිදී අවධාරණය කර තිබුණි. මෙම වීසා වැඩසටහන හරහා අඩු ආගමන අනුපාත සහිත රටවල පුද්ගලයින් සඳහා වාර්ෂිකව වීසා 55,000ක් පමණ ලබා දෙනු ලබන අතර, මෙය අමෙරිකානු කොංග්‍රසය මගින් ස්ථාපිත කරන ලද්දකි. කෙසේ වෙතත්, මෙම හදිසි අත්හිටුවීමත් සමඟ ආගමන කටයුතු වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම්වලින් දැඩි නීතිමය අභියෝග එල්ල වීමට ඉඩ ඇති අතර, මීට පෙර සිය පළමු ධුර කාලය තුළ දී ද ට්‍රම්ප් මෙම DV1 වැඩසටහන අහෝසි කිරීමට නීති සම්පාදකයින්ගෙන් ඉල්ලා සිටි බව වාර්තා වේ.
මෙම තීරණයෙන් ප්‍රධාන වශයෙන් බලපෑම් එල්ල වී ඇත්තේ යුරෝපීය නොවන, බොහෝ විට මුස්ලිම් බහුතරයක් වෙසෙන හෝ ඉහළ අවදානම් සහිත රටවල් ලෙස වර්ගීකරණය කර ඇති රාජ්‍යයන් 19 ක පුරවැසියන්ටයි. ඔවුන්ගේ පවුල් පදනම් කරගත් හෝ රැකියා පදනම් කරගත් සංක්‍රමණික අයදුම්පත් සඳහා දින නියමයක් නොමැති ප්‍රමාදයන් සිදුවනු ඇත. සංක්‍රමණික අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් පෙන්වා දෙන්නේ මෙම අමතර "ආරක්ෂක පරීක්ෂණ" ක්‍රියාවලිය හේතුවෙන් USCIS ආයතනයේ වැඩ කටයුතු ප්‍රමාද වී, අනෙකුත් සියලුම රටවල අයදුම්කරුවන්ට ද වීසා ලබාගැනීමේ පෝලිම්වල වැඩි කාලයක් රැඳී සිටීමට සිදුවනු ඇති බවයි.
මෙම සංක්‍රමණ අත්හිටුවීම සහ නැවත පරීක්ෂා කිරීමේ ක්‍රියාවලියට යටත් වන "විශේෂිත අවධානයක් යොමු වී ඇති රටවල් 19" (countries of concern) ලෙස ඇෆ්ගනිස්ථානය, මියන්මාරය (බුරුමය), චැඩ්, කොංගෝ ජනරජය, ඉක්වටෝරියල් ගිනියාව, එරිත්‍රියාව, හයිටි, ඉරානය, ලිබියාව, සෝමාලියාව, සුඩානය, යේමනය, බුරුන්ඩි, කියුබාව, ලාඕසය, සියෙරා ලියොන්, ටෝගෝ, ටර්ක්මෙනිස්තානය සහ වෙනිසියුලාව නම් කර තිබේ. මේ අනුව, මෙම රටවල ජාතිකයන්ට ග්‍රීන් කාඩ් සහ වෙනත් සංක්‍රමණික වරප්‍රසාද ලබා ගැනීමේදී දැඩි බාධාවන්ට මුහුණ දීමට සිදුවනු ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval