wing-commander-siyambalapitiya-dies-in-wennappuwa-crash

 අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට ලක්වූ ජනතාවට සහන සැලසීමේ සහ මුදා ගැනීමේ මෙහෙයුම්වල නිරතව සිටි ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් අද (30) පස්වරුවේ ලුණුවිල ප්‍රදේශයේදී හදිසි අනතුරකට ලක්වීමෙන් එහි නියමුවා ජීවිතක්ෂයට පත්ව ඇත.



අනතුරෙන් බරපතල තුවාල ලැබූ ගුවන් නියමුවා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වින්ග් කමාන්ඩර් සියඹලාපිටිය නම් 41 හැවිරිදි වියේ පසුවූ ජ්‍යෙෂ්ඨ ගුවන් හමුදා නිලධාරියෙකි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ මෙම හෙලිකොප්ටර් යානය අද පස්වරුවේ ලුණුවිල සහ වෙන්නප්පුව අතර ප්‍රදේශයේ ආපදා නිරීක්ෂණ කටයුතු සහ සහන සැපයීම් සිදු කරමින් තිබියදී මෙම අනතුරට මුහුණ පා ඇත.

ආපදා තත්ත්වය හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින ලුණුවිල සහ වෙන්නප්පුව ප්‍රදේශවල ජනතාවට සහන සැලසීම වෙනුවෙන් යානය පිටත්ව ගොස් තිබුණු අතර, අනතුර සිදුවන අවස්ථාවේදී මියගිය නියමුවා ඇතුළුව ගුවන් හමුදා සාමාජිකයින් පස්දෙනෙකු එහි ගමන් කර ඇති බවත්, අනතුරින් පසුව එම පිරිසම කඩිනමින් මාරවිල මූලික රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබූ බවත් වාර්තා වේ.




gossiplanka image 1

සිදුවීමට අදාළ වීඩියෝව මෙතැනින් click here

gossiplanka image 1