all-5-naval-officers-who-went-missing-while-widening-the-chundikulam-lagoon-estuary-are-dead

 චුණ්ඩිකුලම් ප්‍රදේශයේ කලපු මෝය පුළුල් කිරීමේ විශේෂ රාජකාරියක නිරතව සිටියදී අතුරුදන් වූ නාවික හමුදා සාමාජිකයින් පස්දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය විසින් තහවුරු කර තිබේ. අද (30) පස්වරුවේ චුණ්ඩිකුලම්, චලෙයි ප්‍රදේශය ආශ්‍රිතව මෙම ඛේදජනක සිදුවීම වාර්තා විය.



කලපු මෝය කට පුළුල් කිරීමේ මෙහෙයුම සිදුකරමින් පවතින අතරතුර අදාළ නාවික හමුදා නිලධාරීන් පස්දෙනා හදිසියේ අතුරුදන්ව ඇති අතර,


ඒ පිළිබඳව තොරතුරු වාර්තා වූ වහාම නාවික හමුදාව විසින් පුළුල් සෝදිසි මෙහෙයුමක් දියත් කරන ලදී.

සිදුකළ මෙහෙයුම්වලදී මේ වන විට නාවික හමුදා සාමාජිකයින් සිව්දෙනෙකුගේ මළ සිරුරු මුලින් සොයාගෙන ඇති බව වාර්තා වූ අතර පසුව අතුරුදන් වූ සාමාජිකයින් පස්දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බවට ශ්‍රී ලංකා පොලිසිය නිකුත් කළ වාර්තාවල දැක්වේ.

gossiplanka image 1



gossiplanka image 2