මහියංගන - මහනුවර ප්‍රධාන මාර්ගයේ හසලක නගරය ආසන්නයේදී හසලක ඔය හරහා ගමන් කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු ජල පහරට හසුව ගසාගෙන ගොස් තිබේ. අදාළ පුද්ගලයා බීමතින් සිට ඇති බවත්, ඔහු ඔය හරහා මාරුවීමට උත්සාහ කිරීමේදී මෙලෙස සැඩ පහරට හසුව ඇති බවත් වාර්තා වේ.
මෙම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් මෙන්ම අවට රැස්ව සිටි ජනතාවද මොහුට අනතුරු ඇඟවීම් සිදුකර ඇති නමුත්, එම සියලු අවවාද නොතකා හරිමින් මොහු ජල පහරට බැස ඇත. මෙම අනාරක්ෂිත උත්සාහය සහ ඔහු ජල පහරට හසුව ගසාගෙන යන ඛේදජනක දර්ශන එම ස්ථානයේ සිටි අයෙකුගේ ජංගම දුරකථනයක වීඩියෝ දර්ශන ලෙසද සටහන්ව තිබිණි.
මේ අතර දිවයින පුරා පවතින දැඩි අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මහනුවර - මහියංගණය මාර්ගයේ ගමනාගමනය සීමා කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව මැදමහනුවර සිට හසලක දක්වා වූ මාර්ග කොටස තාවකාලිකව වසා දැමීමට මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටුව තීරණය කර ඇත.
මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා ප්‍රකාශ කළේ ආරක්ෂිත පියවරක් ලෙස හෙට (28) උදෑසන 07.00 දක්වා අදාළ මාර්ග කොටස මෙලෙස වසා තැබෙනු ඇති බවයි.
සිද්ධියේ වීඩියෝව මෙතැනින් click here


Comments
Post a Comment
Your comment will be visible after approval