montessori-closed-until-further-notice

 දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය සහ ආපදා අවදානම සැලකිල්ලට ගනිමින් හෙට (28) දින සිට ක්‍රියාත්මක වන පරිදි පෙර පාසල් ඇතුළු සියලුම මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන වසා තැබීමට තීරණය කර තිබේ.

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය මෙන්ම මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය විසින් මෙම තීරණය ප්‍රකාශයට පත් කර ඇත.




පවතින වැසි සහිත කාලගුණයේ බලපෑම යථා තත්ත්වයට පත්වන තුරු මෙම මධ්‍යස්ථාන සඳහා නිවාඩු ලබා දී ඇති බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. කුඩා දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම පෙරදැරිව ආපදා තත්ත්වයන් හමුවේ මෙම පියවර ගෙන ඇති බව බලධාරීන් අවධාරණය කරයි.