
දිවයින පුරා දැනට පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින්, අද (28) උදෑසන 6.00න් පසු සියලුම මාර්ගවල දුම්රිය ධාවන කටයුතු අත්හිටුවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. මෙම තීරණය ක්‍රියාත්මක කරනු ලබන්නේ පවතින වර්ෂාපතනය හමුවේ දුම්රිය ධාවනය කිරීම අනාරක්ෂිත විය හැකි බැවින් බව බලධාරීන් පෙන්වා දෙයි.
දුම්රිය අතිරේක සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්) චන්ද්‍රසේන බණ්ඩාර මහතා සඳහන් කළේ, දිගින් දිගටම පවතින ධාරානිපාත වර්ෂාව හේතුවෙන් දුම්රිය මාර්ග ආශ්‍රිතව නායයෑම්, ජල ගැලීම් සහ ගස් කඩා වැටීමේ ඉහළ අවදානමක් මතුව ඇති බවයි. එබැවින් දුම්රිය මගීන්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් මෙම හදිසි පියවර ගැනීමට සිදුවූ බව ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval