grandfather-grandmother-and-granddaughter-died-after-falling-into-a-canal-while-trying-to-give-way-to-a-bike

 අම්පාර සයින්දමරුදු ප්‍රදේශයේ බොලිවියා ගම්මානය අසලින් ගලා බසින ඇළ මාර්ගයකට මෝටර් රථයක් පෙරළී යාමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්විය. ඊයේ (27) දිනයේදී මෙම අනතුර වීඩියෝ ගතවී තිබී දුටු දර්ශන නිසා බොහෝ අය කම්පා වූහ.



අනතුරට ලක්වූ මෝටර් රථය අදාළ ඇළ මාර්ගය අසලින් වැටී ඇති මාර්ගය ඔස්සේ කල්මුණ දෙසට ධාවනය කරමින් තිබියදී මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ පා ඇත. මෝටර් රථය ගමන් කරමින් සිටින අතරතුර ඊට ඉදිරියෙන් පැමිණි යතුරුපැදියකට මාර්ගයේ ඉඩ ලබා දීමට යාමේදී රථය පාලනය කර ගත නොහැකිව ඇළට පෙරළී ගොස් ඇති බව වාර්තා වේ.



මෙම අනතුරින් මියගොස් ඇත්තේ සයින්දමරුදු ප්‍රදේශයේම පදිංචිකරුවන් තිදෙනෙකි. මියගිය පුද්ගලයින් සිත්ති ලෙබ්බේ සබුර්දින් (62), මොහමඩ් තම්බ තස්මි සහ මොහමඩ් ජරින් අසලා මෙහෙවිස් ලෙස හඳුනාගෙන තිබේ.
ඔවුන් ඥාතීත්වයෙන් සීයා ආච්චී හා මිනිපිරිය බව වාර්තා විය.

gossiplanka image 1

video click here




gossiplanka image 1