දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වයේ ප්‍රතිඵලයක් ලෙස මහනුවර, මාතලේ මාර්ගයේ අලවතුගොඩ පොලිස් වසමට අයත් රඹුක්ඇළ ප්‍රදේශයේ විශාල නායයෑමක් සිදුව තිබේ. අද අලුයම 1.00 ට පමණ අංකුඹුර – අලවතුගොඩ මාර්ගයේ මෙම ආපදාව සිදුව ඇති අතර, ගම්මානය සම්පූර්ණයෙන්ම පාහේ නායයෑමට ලක්ව ඇති බව වාර්තා වේ.
මෙම ආපදාව හේතුවෙන් පුද්ගලයින් විශාල පිරිසක් අතුරුදන්ව ඇති අතර සිදුව ඇති ජීවිත හානි සහ දේපළ හානි පිළිබඳ මෙතෙක් නිශ්චිත තොරතුරු තහවුරු වී නොමැත.
අදාළ ගම්මානයේ පවුල් 800 ක් පමණ පදිංචිව සිට ඇති අතර, නායයෑම සිදු වූ ස්ථානයේ නිවාස 20 කට ආසන්න ප්‍රමාණයක් තිබූ බව ප්‍රදේශවාසීහු පවසති. මේ වන විට පවුල් 50 කට ආසන්න පිරිසක් අතුරුදන්ව ඇති බවට ප්‍රාදේශීය වාර්තාකරුවන් තොරතුරු අනාවරණය කර ඇත.
පවතින අයහපත් කාලගුණය සහ මාර්ග අවහිරතා හේතුවෙන් ආපදාවට ලක් වූ ස්ථානය වෙත ළඟා වීම මේ දක්වා සහන කණ්ඩායම්වලට ගැටලුවක් වී ඇති බව වාර්තා වේ. විපතට පත්වූවන් බේරා ගැනීම සඳහා අදාළ අංශවල සහාය කඩිනමින් යොමු කරන ලෙස ගම්වාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින අතර, අලවතුගොඩ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval