කොත්මලේ රම්බඩගම ප්‍රදේශයේ ආසන්නයේ සිදුවූ නායයෑම හේතුවෙන් මේ වන විට පුද්ගල මළ සිරුරු 15 ක් සොයාගෙන ඇති අතර තවත් පුද්ගලයින් 17 දෙනෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වේ. පසුගිය 27 වනදා රාත්‍රියේ සහ 28 වනදා අලුයම කාලය තුළ නුවරඑළිය සහ පූඬළුඔය මාර්ග දෙක අතර පිහිටි රම්බඩගම ගම්මානයේ මැද කොටස මෙලෙස නායයෑමට ලක්ව තිබේ.
මෙම අනතුර හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සිරුරු එම ස්ථානයෙන් ඉවත් කර ගැනීමට හෝ තුවාල ලැබූවන් රෝහල්ගත කිරීමට නොහැකිව ප්‍රදේශවාසීන් දැඩි අසීරුතාවයකට මුහුණ පා සිටී. ආපදාව සිදුවූ ස්ථානයට ළඟා වීමට ඇති මාර්ග සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බැවින් ආපදා සහන කණ්ඩායම්වලට මෙතෙක් එම ස්ථානයට ළඟා වීමට නොහැකි වී ඇති බව ද දැනගන්නට ලැබේ.
මේ වන විට එම ප්‍රදේශයේ විදුලිය සම්පූර්ණයෙන්ම ඇණහිට ඇති අතර සියලුම දුරකථන සංඥා ක්‍රියා විරහිත වීම හේතුවෙන් ප්‍රදේශය සමඟ සන්නිවේදන කටයුතු සිදු කිරීම ද ගැටලුවක් වී ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරන්නේ නායයෑම පිළිබඳ තොරතුරු ලැබී ඇතත්, සන්නිවේදන බිඳවැටීම නිසා සිද්ධිය පිළිබඳ නිශ්චිත කරුණු තහවුරු කරගැනීම දුෂ්කර වී ඇති බවයි.
Comments
Post a Comment
Your comment will be visible after approval