29-cellphones-seized-from-wele-suda-chaminda-midigama-ruwan-inna-ward

 ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ අපරාධකරුවන් රඳවා සිටින බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ අද (09) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ජංගම දුරකථන 29ක් සොයාගෙන තිබේ.





බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව මෙම වැටලීම සිදුකර ඇති අතර එහිදී බන්ධනාගාරයේ A, C සහ D යන වාට්ටුවල තිබී මෙම ජංගම දුරකථන තොගය සොයාගැනීමට හැකිවී ඇත.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ මහතා සඳහන් කළේ, මරණීය දණ්ඩනයට නියමව සිටින දෙමටගොඩ චමින්ද, සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන වෙලේ සුදා සහ පාතාල නායකයෙකු ලෙස සැලකෙන මිදිගම රුවන් වැනි කුප්‍රකට රැඳවියන්ගේ සිර මැදිරිවල තිබී මෙම දුරකථන සොයාගත් බවයි.