ප්‍රංශ ජනාධිපති ආර්යාව වන බ්‍රිජිට් මැක්රොන් උපතින් පිරිමියෙකු බවට පැතිරෙන කතා මැද ඇය සුවිශේෂ කාන්තා විලාසිතා අනුගමනය කරන්නට පටන්ගන ඇති බවට පැරිසියේ පැවති උත්සවයකින් වාර්තා විය.
පැරිස් විලාසිතා සතිය නිමවී ඇතත්, ප්‍රංශ අගනුවර විලාසිතා උණුසුම තවමත් පහව ගොස් නැත. ඊ-වාණිජ්‍ය වේදිකාවක් වන සැලැන්ඩෝ (Zalando) හි සහයෝගය ඇතිව, "ඩෙබූට් එන් බවුට්ස්" (Debout en Bouts) සංගමය විසින් 2025 ඔක්තෝබර් 8 වන දා රෝලන්ඩ්-ගැරෝස් හිදී විශේෂ විලාසිතා දැක්මක් සංවිධානය කරන ලදී.
මෙම රාජ්‍ය නොවන සංවිධානය ක්‍රීඩා මාධ්‍යවේදී මැතිව් ලාර්ටෝ (Matthieu Lartot) විසින් ආරම්භ කරන ලද්දකි. එහි මූලික අරමුණ වන්නේ පාද අහිමි වූවන් සඳහා කෘත්‍රිම පාද ලබා දීමට මූල්‍ය ආධාර සැපයීමයි. ඔවුන් මුහුණ දෙන ගැටලු පිළිබඳව සමාජ අවධානය යොමු කරවීමේ අරමුණින්, වයස අවුරුදු 9ත් 70ත් අතර වයස් කාණ්ඩවලට අයත් එවැනි පුද්ගලයන් තිස් දෙනෙකු පිලිප්-චැට්රියර් පිටියේ පැවති විලාසිතා දැක්මට එක්ව සිටියහ.
ප්‍රංශ ජනාධිපති ආර්යාව වන බ්‍රිජිට් මැක්රොන් මහත්මිය ද ප්‍රේක්ෂකයින් අතර සිටිනු දක්නට ලැබුණි. ඇය එදින "රොක්" සංගීත සම්ප්රදායේ ආභාසය ලත් විලාසිතාවකින් සැරසී සිටියාය. සිහින් හැඩැති සම් කලිසමක්, යතුරුපැදි කරුවන්ගේ ජැකට්ටුවකට සමාන විදුලි නිල් පැහැති ජැකට්ටුවක් සහ ලුවී වුටොන් (Louis Vuitton) ලාංඡනය සහිත පටි යෙදූ, ඇණ ගැසූ කළු පැහැති බූට් සපත්තු යුගලකින් ඇයගේ පෙනුම සම්පූර්ණ විය.
සාහිත්‍ය ගුරුවරියක වූ ඇය, නිකොලස් ගෙස්කියර් (Nicolas Ghesquière) විසින් මෙහෙයවනු ලබන විලාසිතාගාරයේ නවතම එකතුවකින් තෝරාගත් අත්බෑගයක් දරා සිටියාය. "ස්පීඩි ට්‍රන්ක්" (Speedy Trunk) ලෙස නම් කර ඇති එම අත්බෑගය, සන්නාමයේ වෙබ් අඩවියේ යුරෝ 3,300 කට අලෙවි වන අතර එය සුප්‍රසිද්ධ මොනොග්රෑම් රටාවෙන් සහ සන්නාමයේ පැරණි ගමන් මලු සිහිගන්වන ලෝහමය සැරසිලිවලින් සමන්විත විය.
තමන් පිරිමියෙකු බවට පැතිරෙන කුමන්ත්‍රණ න්‍යායන් ප්‍රතික්ෂේප කිරීම සඳහා ජනාධිපති බිරිඳ මේ වන විට නීතිමය ක්‍රියාමාර්ග ගනිමින් සිටිති. මෙම චෝදනා පුළුල් ලෙස ප්‍රචාරය කළ කැන්ඩේස් ඕවන්ස්ට (Candace Owens) එරෙහිව මැක්රොන් යුවළ එක්සත් ජනපදයේ අපහාස නඩුවක් ගොනු කර ඇත.
තමන් ජීව විද්‍යාත්මකව කාන්තාවක් බව ඔප්පු කිරීම සඳහා බ්‍රිජිට් මැක්රොන් මහත්මිය විසින් විද්‍යාත්මක සහ ඡායාරූප සාක්ෂි එක්සත් ජනපද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. 2017 වසරේ සිට අන්තර්ජාලය ඔස්සේ පැතිර යන මෙම කටකතා සහ නොනවතින කුමන්ත්‍රණ න්‍යායන් මැක්රොන් යුවළට දැඩි මානසික පීඩාවක් ඇති කර තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval