president-appoints-18-new-high-court-judges

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නව මහාධිකරණ විනිසුරුවරුන් 18 දෙනෙකු පත් කර ඇත. අද (03) දින සවස ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා විසින් පත්වීම් ලිපි නිල වශයෙන් භාරදෙන ලදී.



පත් කරන ලද අය අතර විශේෂ පන්තියේ අධිකරණ නිලධාරීන් 17 දෙනෙකු සහ නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කරන ජ්යෙෂ්ඨ රාජ්ය නීතීඥවරියක මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කර ඇත.

මෙම පත්කිරීම් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 (2) වගන්තියට අනුකූලව ජනාධිපතිවරයා විසින් සිදු කර ඇත.

නව පත්වීම් ලැබූ මහාධිකරණ විනිසුරුවරුන්ගේ නාමලේඛනය:

* එස්.එස්.කේ. විතාන මහතා - දිසා විනිසුරු
* ඒ.එම්.අයි.එස්. අත්තනායක මහතා - දිසා විනිසුරු
* ඒ.එම්.එම්. රියාල් මහතා - දිසා විනිසුරු
* ඩී.පී. මුදුන්කොටුව මහතා - දිසා විනිසුරු
* එස්.බී.එච්.එම්.එස්. හේරත් මහතා - අතිරේක දිසා විනිසුරු
* ජේ. කජනිදීපලන් මහතා - දිසා විනිසුරු
* ඩී.එම්.ඩී.සී. බණ්ඩාර මහතා - අධිකරණ සේවා කොමිෂන් සභාවේ ජ්යෙෂ්ඨ සහකාර ලේකම්
* එච්.එම්.බී.ආර්. විජේරත්න මෙනවිය - අතිරේක දිසා විනිසුරු
* ඩී.එම්.ඒ. සෙනෙවිරත්න මහතා - අතිරේක දිසා විනිසුරු
* ඒ.ඒ. ආනන්දරාජා මහතා - මහේස්ත්‍රාත්
* ජී.එන්. පෙරේරා මහතා - දිසා විනිසුරු
* ඒ. ජූඩ්සන් මහතා - දිසා විනිසුරු
* ඩබ්ලිව්.කේ.ඩී.එස්. වීරතුංග මහත්මිය - දිසා විනිසුරු
* ආර්.බී.එම්.ඩී.ආර්. වැලිගොඩපිටිය මහතා - දිසා විනිසුරු
* කේ.ඩී.එන්.වී. ලංකාපුර මෙනවිය - මහේස්ත්‍රාත්
* ඩී.එම්.ආර්.ඩී. දිසානායක මහතා - දිසා විනිසුරු
* එම්.අයි.එම්. රිස්වි මහතා - දිසා විනිසුරු
* ඒ. ජයලක්ෂි ද සිල්වා මහත්මිය - ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ

මෙම අවස්ථාවට ජනාධිපති ලේකම්, ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාද සහභාගී විය.



gossiplanka image 2