කථානායක ජගත් වික්‍රමරත්න මහතා විසින් ‘සූදු නියාමන අධිකාරී පනත් කෙටුම්පත’ සඳහා සිය සහතිකය අද (03) සටහන් තබන ලදී. ඒ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වන වගන්තියට අනුකූලව, එම පනත් කෙටුම්පත 2025 අංක 17 දරන සූදු නියාමන අධිකාරී පනත ලෙස මෙතැන් සිට ශ්‍රී ලංකාවේ නීතියක් බවට පත් වේ. මෙම පනත් කෙටුම්පත පසුගිය අගෝස්තු 19 වන දින පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත විය.
මෙම නව පනතේ ප්‍රධාන අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ සූදු කර්මාන්තය නියාමනය කිරීම සඳහා ‘සූදු නියාමන අධිකාරිය’ නමින් තනි ආයතනයක් ස්ථාපිත කිරීමයි. මෙමගින්, මෙතෙක් පැවති අශ්ව රේස් ඔට්ටු ඇල්ලීමේ ආඥා පනත, සූදු ආඥා පනත සහ 2010 අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර නියාමනය කිරීමේ පනත යන පනත් තුනම අහෝසි කරනු ලැබේ.
මෙම නව අධිකාරිය, පුළුල් බලතල සහිත ස්වාධීන නියාමන ආයතනයක් ලෙස ක්‍රියාත්මක වනු ඇත. විශේෂයෙන්ම, ඔන්ලයින් සූදු ක්‍රියාකාරකම්, නෞකා මත සිදුකරන සූදු සහ කොළඹ වරාය නගරය තුළ ක්‍රියාත්මක වන සූදු ව්‍යාපාර සඳහා නීත්‍යානුකූලව බලාත්මක කළ හැකි සමාජ වගකීම් සංග්‍රහයන් නිකුත් කිරීමේ වගකීම මෙම අධිකාරියට පැවරේ. පනත පහතින් බලන්න
සූදු පනත
Comments
Post a Comment
Your comment will be visible after approval