5-scholarship-results-tonight-3


2025 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද (4) නිකුත් කරනු ලැබීය.

ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk සහ http://www.results.exams.gov.lk/ යන වෙබ් අඩවිවලට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකිය.

පසුගිය අගෝස්තු මස 10 වන දින දීපව්‍යාප්ත මධ්‍යස්ථාන 2,787කදී අපේක්ෂකයින් 307,951 දෙනෙකු මෙම විභාගය සඳහා පෙනී සිටියහ.
මෙවර විභාගයේ ඉහළම සමතුන් අංක 1,2 3 ආදී වශයෙන් වූ සම්බන්ධ නිල ප්‍රතිඵල රජයේ ප්‍රතිපත්තිය අනුව නිකුත් නොවනු ඇත.