if-you-say-newspaper-details-and-tell-lies-on-tv-you-will-be-punished

 ලංකා පුවත්පත් මණ්ඩල පනතට නව සංශෝධන ගෙන ඒම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව පුවත්පතක පළවන යම් වැරදි තොරතුරක් සම්බන්ධයෙන් පුවත්පත් මණ්ඩලය විසින් නිවැරදි කිරීමක් සිදු කළහොත්, එම නියෝගය අදාළ පුවත පළ කළ විද්‍යුත් හා සමාජ මාධ්‍ය ආයතන වෙත ද බලපැවැත්වෙනු ඇත.



මේ පිළිබඳව කරුණු දක්වමින්, කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා පැවසුවේ, පුවත්පතක පළවන වැරදි තොරතුරක් එම පුවත්පත මගින් පමණක් නිවැරදි කිරීම ප්‍රමාණවත් නොවන බවයි.

මන්ද, එම තොරතුරු විද්‍යුත් සහ අන්තර්ජාල මාධ්‍ය මගින් ද ප්‍රකාශයට පත් කරන බැවින්, පුවත්පත් මණ්ඩලය විසින් ලබා දෙන නිවැරදි කිරීමේ නියෝගය අදාළ සියලුම මාධ්‍ය වෙත බලපැවැත්වීම මෙම සංශෝධනයේ අරමුණ බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
“පුවත්පතක පළකරන ලද වැරදි තොරතුරක් පුවත්පත් මණ්ඩලය විසින් නිවැරදි කිරීමෙන් අනතුරුව, එය අදාළ පුවත්පතේ පමණක් නිවැරදි කිරීම ප්‍රමාණවත් වෙන්නේ නෑ. මොකද ඒ පුවත්පත විද්‍යුත් මාධ්‍ය සහ අන්තර්ජාලය මගින් ප්‍රකාශයට පත්කරනවා. ඒ අනුව පුවත්පත් මණ්ඩලය යම් නිවැරදි කිරීමක් සඳහා නියෝගයක් ලබාදුන්ණොත්, ඒ පුවත කියවන ලද විද්‍යුත් මාධ්‍ය සහ සමාජ මාධ්‍යත් ඒ කටයුත්ත කළ යුතුයි කියන කාරණය වෙනුවෙන් තමයි මේ පනත් කෙටුම්පත් සංශෝධනය වෙන්නේ.”