diana-gamage-to-star-in-murder

 හිටපු රාජ්‍ය අමාත්‍යවරියක වන ඩයනා ගමගේ මහත්මියට, ඉදිරියේදී රූගත කිරීමට නියමිත "ඝාතනය" නම් වූ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑම සඳහා ආරාධනා කර ඇති බව වාර්තා වේ.

දේශපාලනඥවරියකගේ චරිතයක් සඳහා ඇයට මෙම ආරාධනාව සිදු කර ඇත්තේ මෙරට ප්‍රකට චිත්‍රපට නිෂ්පාදකවරයෙකු විසිනි.



"ඝාතනය" චිත්‍රපටය, පසුගිය දේශපාලන ඉතිහාසය හා සම්බන්ධ වූ භයානක සිදුවීම් සමූහයක් පාදක කරගෙන නිර්මාණය වන්නකි. මීට පෙර, ඩයනා ගමගේ මහත්මිය "පැණි කුරුල්ලෝ" ටෙලිනාට්‍යයේ ද රංගනයෙන් දායක වී තිබේ.