බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති 'හොටෙල් ෂෝ කොළඹ 2025' ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවයට එක්වෙමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා විසින් මෙම නිවේදනය සිදු කරන ලදී.
යළි ගොඩනැගෙන මෙරට සංචාරක ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම සහ ජාත්‍යන්තර සංචාරක පැමිණීම ඉහළ නැංවීම මෙම පියවරේ ප්‍රධාන අරමුණ බව සඳහන් වේ.
ඒ අනුව, වීසා ගාස්තු නිදහස් කර ඇති රටවල් 40 සම්පූර්ණ ලැයිස්තුව පහත දැක්වේ:
1. මහා බ්‍රිතාන්‍ය සහ උතුරු අයර්ලන්ත එක්සත් රාජධානිය
2. ජර්මනිය
3. නෙදර්ලන්තය
4. බෙල්ජියම
5. ස්පාඤ්ඤය
6. ඕස්ට්‍රේලියාව
7. පෝලන්තය
8. කසකස්තානය
9. සෞදි අරාබිය
10. එක්සත් අරාබි එමීර් රාජ්‍යය
11. නේපාලය
12. මහජන චීන සමූහාණ්ඩුව
13. ඉන්දියාව
14. ඉන්දුනීසියාව
15. රුසියානු සමූහාණ්ඩුව
16. තායිලන්තය
17. මැලේසියාව
18. ජපානය
19. ප්‍රංශය
20. ඇමරිකා එක්සත් ජනපදය
21. කැනඩාව
22. චෙක් ජනරජය (චෙකියාව)
23. ඉතාලිය
24. ස්විට්සර්ලන්තය
25. ඔස්ට්‍රියාව
26. ඊශ්‍රායලය
27. බෙලරූස්
28. ඉරානය
29. ස්වීඩනය
30. ෆින්ලන්තය
31. ඩෙන්මාර්කය
32. දකුණු කොරියාව
33. කටාර්
34. ඕමානය
35. බහරේන්
36. නවසීලන්තය
37. කුවේට්
38. නෝර්වේ
39. තුර්කිය
40. පාකිස්තානය