මත්ද්‍රව්‍ය පානය සඳහා මුදල් සෙවීමට කාන්තා අත්බෑග් සහ ජංගම දුරකථන කොල්ලකෑ, ඕස්ට්‍රේලියාවේ සිට නිවාඩුවකට පැමිණි කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ පුත්‍රයෙකු සහ ඔහුගේ මිතුරෙකු පිළියන්දල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අපරාධකරුවන් සොයා පැවැත්වූ විශේෂ පොලිස් මෙහෙයුමක් අතරතුර, මුහුණු ආවරණය වන සේ හිස් වැසුම් පැලඳ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි මෙම සැකකරුවන්ව නැවැත්වීමට පොලිසිය සංඥා කර ඇත.
ඔවුන් එය නොසලකා පලා යාමට උත්සහ කළ ද, පොලිස් නිලධාරීන් විසින් ඔවුන්ව ලුහුබැඳ ගොස් අත්අඩංගුවට ගන්නා ලදී. යතුරුපැදිය පරීක්ෂා කිරීමේදී එහි ඉදිරිපස සහ පසුපස එකිනෙකට වෙනස් ව්‍යාජ අංක තහඩු දෙකක් සවිකර තිබූ බවට අනාවරණය වී ඇත.
සැකකරුවන් සතුව තිබී රුපියල් ලක්ෂ 25කට ආසන්න වටිනාකමකින් යුතු සොරකම් කරන ලද නවීන ජංගම දුරකථන 20ක් පමණ, හෙරොයින් මිලිග්‍රෑම් 10,900ක්, කාන්තා අත්බෑග් සහ කොල්ලකෑමට යොදාගත් යතුරුපැදිය පොලිස් භාරයට ගෙන තිබේ. සොරකම් කළ ඇතැම් දුරකථන කොටස් ගලවා සැකකාර කෝටිපති පුත්‍රයාගේ පානදුරේ පිහිටි සුඛෝපභෝගී නිවසේ වායුසමනය කළ කාමරයේ සඟවා තිබියදීත්, තවත් දුරකථන තොගයක් මොරටුවේ වෙළෙඳ සැලකට විකුණා තිබියදීත් සොයා ගැනිණි.
දිනකට හෙරොයින් පැකට් දෙකක් පානය කිරීමට තමන් ඇබ්බැහි වී සිටින බව 25 සහ 26 හැවිරිදි මෙම පානදුරේ පදිංචි සැකකරුවන් ප්‍රශ්න කිරීම් හමුවේ පාපොච්චාරණය කර ඇත. ඔවුන්ව කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Comments
Post a Comment
Your comment will be visible after approval