16-prison-officers-transferred

 බන්ධනාගාර මාණ්ඩලික නිලධාරීන් 16 දෙනකු ලබන ජූලි 2 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුකර යැවීමට වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා නිශාන්ත ධනසිංහ මහතා පියවරගෙන ඇත.විශේෂ

ශ්‍රේණියේ බන්ධනාගාර අධිකාරිවරු දෙදෙනෙක්, බන්ධනාගාර අධිකාරිවරයෙක්, සහකාර බන්ධනාගාර අධිකාරිවරු අට දෙනෙක් සහ වැඩබලන බන්ධනාගාර අධිකාරීවරු පස් දෙනෙක් මීට ඇතුළත්ව සිටිති. විශේෂ ශ්‍රේණියේ බන්ධනාගාර අධිකාරි ඒ.සී. ගජනායක මහතා බෝගම්බර බන්ධනාගාරයේ සිට බන්ධනාගාර මූලස්ථානයටත්,

විශේෂ ශ්‍රේණියේ බන්ධනාගාර අධිකාරි ඩී.ආර්.එස්. සිල්වා මහතා මහර බන්ධනාගාරයේ සිට වැලිකඩ බන්ධනාගාරයටත් මාරු කර ඇත. මේ වනවිට ප්‍රශ්නගත නඩුවක පැටලී සිටින තුෂාර උපුල්දෙණියගේ සොයුරාද මැගසින් බන්ධනාගාරයේ තනතුරක් දරන අතර සහකාර බන්ධනාගාර  වටරැක ලෙස ඔහුට මාරුවීමක් ලබා දී ඇත.


කොළඹ රිමාඩ්  බන්ධනාගාරයේ වැඩබලන බන්ධනාගාර අධිකාරි සුදත් රෝහණ මහතා මහර බන්ධනාගාරයට ද, සහකාර බන්ධනාගාර අධිකාරි එල්.පී. වර්ණකුලසූරිය මහතා වාරියපොල බන්ධනාගාරයේ සිට බෝගම්බර බන්ධනාගාරයට ද, සහකාර බන්ධනාගාර අධිකාරි වී. අබේධීර මහතා කෑගල්ල බන්ධනාගාරයේ සිට වාරියපොළ බන්ධනාගාරයට ද මාරුකර ඇත.


සහකාර බන්ධනාගාර අධිකාරී කේ. ඩෙප් මහතා කළුතර බන්ධනාගාරයේ සිට බූස්ස බන්ධනාගාරයට, සහකාර බන්ධනාගාර අධිකාරි පී. ප්‍රේමතිලක මහතා හදිසි ප්‍රතිචාර උපක්‍රමික බළකායේ සිට අනුරාධපුර බන්ධනාගාරයට, සක්කාර බන්ධනාගාර අධිකාරි පී. පෙරේරා මහතා පල්ලේකැලේ බන්ධනාගාරයේ

සිට මැගසින් බන්ධනාගාරයට සහ සහකාර බන්ධනාගාර අධිකාරි ඒ. උදයකුමාර මහතා බූස්ස බන්ධනාගාරයේ සිට කළුතර බන්ධනාගාරයට මාරු කිරීමට නිශාන්ත ධනසිංහ මහතා පියවර ගෙන ඇත.සහකාර බන්ධනාගාර අධිකාරි එන්. උපුල්දෙණිය මහතා මැගසින් බන්ධනාගාරයේ සිට වටරැක බන්ධනාගාරට මාරුකර ඇති අතර ඔහු වැඩ තහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ සොහොයුරාය.


සහකාර බන්ධනාගාර අධිකාරි ආර්. ප්‍රභාත් මහතා වීරවිල බන්ධනාගාරයේ සිට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට ද, සහකාර බන්ධනාගාර අධිකාරී ඒ. රාජකරුණානායක මහතා බන්ධනාගාර මූලස්ථානයේ සිට හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකායට ද, සහකාර බන්ධනාගාර අධිකාරි ප්‍රදීප් වසන්ත කුමාර මහතා වටරැක බන්ධනාගාරයේ සිට මාතර බන්ධනාගාරයට ද, සහකාර බන්ධනාගාර අධිකාරි එන්. ප්‍රනාන්දු මහතා අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ සිට වීරවිල බන්ධනාගාරයට ද, සහකාර බන්ධනාගාර අධිකාරි මංගල වැලිවිට මහතා මාතර බන්ධනාගාරයේ සිට පල්ලේකැලේ බන්ධනාගාරයට ද, සහකාර බන්ධනාගාර අධිකාරි කුමාර එදිරිසිංහ මහතා මහර බන්ධනාගාරයේ සිට කෑගල්ල බන්ධනාගාරයට ද, මාරුකර යවනු ලැබ සිටිති.