kumara-jayakody-cid

බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා උපාධිය සම්පූර්ණ නොකළ අයෙකු වුවත් ඔහු ඉංජිනේරු නම තම නමට ඉදිරියෙන් යොදාගෙන භාවිත කරන බවට සමාජ මාධ්‍ය තුළ පසුගිය දිනවල අදහස් පළ විය.
මේ ගැන අවධානය යොමු කර ඇති ඇමතිවරයා තමාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබදව විශේෂයෙන් සමාජ මාධ්‍ය ඇතුළු විවිධ මාධ්‍ය හරහා සාවද්‍ය තොරතුරු පතුරවන්නන්ට

එරෙහිව අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

තමන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අධ්‍යාපනය ලබා විදුලි හා ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරුවෙකු ලෙස උපාධිය ලබාගත් බවත් තමාගේ උපාධි සුදුසුකම් ප්‍රශ්න කරමින් පුද්ගලිකව තමාවත් නව රජයත් අපහසුතාවයට පත් කිරීමට බංකොලොත් දේශපාලන කණ්ඩායම් වල අනුග්‍රහය ලබන සමහර මාධ්‍ය ක්‍රියාකරමින් සිටින බව අමාත්‍යවරයා පවසයි.



මේ අනුව සාවද්‍ය තොරතුරු පතුරවන පුද්ගලයින් හා ආයතන පිළිබදව සොයා බලන ලෙස ඉල්ලා අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පස්වරුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.