bandanagoda-incident

 වසර සිය ගණනක් ඉපැරැණි ඓතිහාසික සිද්ධස්ථානයක් වන බදනගොඩ ශුසම්බෝධිරාම විහාරස්ථානයේ ඉදිකිරිම් කටයුතු කරන මුවාවෙන් නිදන් හැරිමක් සිදුකරන බව ‘දිගන බදනගොඩ පරිසර මිතුරෝ ' සංවිධානය පවසයි.අපවත් වී වදාළ මාලේවන ශ්‍රී පඤඤානන්ද නාහිමියන් විසින් නිර්මාණය කරන ලද මෙම විහාරස්ථානයේ ඉපැරැණි ගල් කැටයම් සහිත විස්මිත නිර්මාණ පවතී. මෙහි නිදන් වස්තු ඇතැයි යන සැකය මත

මෙසේ කැණීම් කරන බව එම සංවිධානය සඳහන් කරයි.


විහාරවාසී එක්තරා හිමිනමකගේද අනුදැනුම ඇතුව මෙහි ඉදිකිරීම් කරන මුවාවෙන් සූක්ෂ්මව නිදන් හෑරීම කෙරෙන බවත් ඒ සඳහා ගල් කැඩීම සඳහා යොදාගත් ඇතැම් යන්ත්‍ර මේ වන විට ඉවත් කරගෙන තිබෙන බවද මේ පිළිබඳ බදනගොඩ පරිසර මිතුරෝ සංවිධානය පවසයි. මෙම කැණීම් කටයුතු නිසා විහාරස්ථානයේ ඉපැරැණි ගල් පඩි සහිත ස්ථානද විනාශ වීමේ අවදානමක තිබෙන බවද මෙම ඓතිහාසික සිද්ධස්ථානය රැක ගැනීම සඳහා බලධාරීන්ගේ අවධානය යොමු කිර්ම වටිනා බවත් එම සංවිධානය වැඩිදුරටත් කියා සිටී.මේ සම්බන්ධයෙන් බේරුවල පොලිසිය වෙත පැමිණිලි කර ඇති අතර ඒ පිළිබඳ මෙතෙක් කිසිවක් කර නොමැති බවද අනාවරණය වේ.
( කුමාර ගම්මැද්ද)