
ප්‍රවීණ කිවිවර රත්න ශ්‍රී විජේසිංහ ජාතික පුස්තකාල හාලේඛන සේවා මණ්ඩලයේ සභාපති වශයෙන් අද (දෙසැ. 16) වැඩ භාර ගත්තේය.
සිංහල කාව්‍ය හා ගීත ක්ෂේත්‍රයට සම්බන්ධිත තවත් කිහිපදෙනෙකු අධ්‍යක්ෂ මණ්ඩලයටද පත් කර ඇත.
රත්න ශ්‍රී විජේසිංහ මහතාට සහ අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයන් 06 දෙනා වෙත බුද්ධශාසන,ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා විසින් අමාත්‍යංශ පරිශ්‍රයේදී අද (16) පෙරවරුවේ පත්වීම් ලිපි භාරදුන් අතර අනතුරුව නව සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයන් ජාතික පුස්තකාල පරිශ්‍රයේදී සිය රාජකාරි කටයුතු අරම්භ කර තිබෙයි.
අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයන් පහතින්,
1. සුනේත්‍රා රාජකරුණානායක මහත්මිය
2. අබ්දුල් රසාක් අබ්දුල් කරීම් මහතා
3.සිවසාමි රාජසිංහම් මහතා
4.ආචාර්ය වසන්තා සුබසිංහ මහත්මිය
5.ආචාර්ය ආනන්ද තිස්ස මහතා
6.පී. හේමචන්ද්‍ර මහතා
Comments
Post a Comment
Your comment will be visible after approval