mulleria-incident

පුතාගේ ගෙල කපා ඝාතනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පියකු පෙරේදා (10) දින සැකපිට මුල්ලේරියාවේ අත්අඩංගුවට ගත්තේ මේ මිනිසුන්ද තිරිසනුන්ද යන සැකය මතුවන කාරනා හෙළි දරව් කරමිනි. පුතාගේ බිරිය එනම් ලේලිය සමග මෙම පියාගේ අසාමාන්‍ය ලිංගික හැසිරීම ගැන ඔහු අත්අඩංගුවට පත්වූ අවස්ථාවේ හෙලිකර තිබූ අතර කිසිදු වගක් නැතිව පුතාගෙන් දරුවෙක්ද ලද ඇය ඔහු විසින්ද ගබ් ගන්නවන ලද බවත් දරු දෙන්නා සමග වෙනම නිවසක සිටි බවත් කියා තිබුණි.
වයස 60 පමණ වූ මේ පියා අතින්  ඝාතනයට ලක්වී ඇත්තේ මකුල්ල බැදිලගේ චන්ද්‍රකීර්ති මුතුකුමාරණ නැමැති 38 හැවිරිදි පුත්‍රයාය.


තම පුත්‍රයා එළඹෙන 14 වැනිදාට යෙදෙන පෙම්වතුන්ගේ දිනයේදී ඔහුගේ පළමු බිරිය සමඟ යළිත් ගෙට ගෙවදීමට නියමිතව සිටි බැවින් ඇති වූ සිත් තැවුලෙන් මෙම ඝාතනය සිදුකළ බව පියාගේ ප්‍රකාශවලින් සඳහන් විය.
 පියා තම පුත්‍රයා සමග ඉකුත් 09 වැනිදා දින රාත්‍රියේ මත්පැන් පානය කර ඇති බවත්, පසුව නිවසේ තිබුණ තියුණු පිහියකින් ඔහුගේ ගෙල කපා ඇති බවත් පොලිසිය කළ පරීක්ෂණ වලින් හෙළි වී තිබේ.

ඝාතනයට ලක්වූ පුද්ගලයා සිය දෙවැනි බිරිය සමග වාසය කර ඇති අතර, පසුව ඇය බලංගොඩ පදිංචි බස් කොන්දොස්තරවරයෙකු සමග සබඳතාවක් ගොඩනඟා සිය 10 හැවිරිදි දියණියද අතහැර ඔහු සමග විදේශගතවී ඇති බවත්, පසුව ඇය නැවත ගෙන්වා ගැනීමට විවිධ යාගකර්ම සිදුකළ ද ඉන් ඵලක් වී නොමැති නිසා යළි සිය පළමු විවාහයේ බිරිය සමග ජීවත්වීමට ඝාතනයට ලක් වූ පුද්ගලයා තීරණය කර ඇති බවත් ද සිදු කළ විමර්ශනයේදී අනාවරණය වී ඇත.



ඒ වන විටත් ඝාතනයට ලක් වූ පුද්ගලයා අතහැර දමා සිටි ඔහුගේ පළමු කසාද බිරිය සැකකාර පියා විසින් ඔහුගේ නිවසට රැගෙන ගොස් රැකබලාගෙන කල් ගත කර ඇති බවත්, නැවත එම බිරිය තම පුතා විසින් රැගෙන යාමට තීරණය කිරීම පිළිබඳව සැකකාර පියා වෛරයකින් සිට ඇතැයි මෙහිදී කරුණු අනාවරණය වී ඇත.

ඝාතනයට ලක් වූ පුද්ගලයා ජීවත් වූ මුල්ලේරියාව, වෑකන්ද ප්‍රදේශයේ පිහිටි නිවසද මෑතකදී අලුත්වැඩියා කර ඇත්තේ යළි පළමු කසාද බිරිය සමග නව දිවියක් ආරම්භ කිරීමේ අදහසින් බවත්, එම නිවසේ වැඩකටයුතු අතර ඉකුත් 09 දා රාත්‍රියේ දී අදාළ නිවසේ තවත් කිහිප දෙනෙකු සමග ඝාතනයට ලක්වූ පුද්ගලයා මත්පැන් සාදයක් ද පවත්වා ඇති බවත් එහිදී ගෙල කපා එම ඝාතනය සිදුකර ඇති බවටත් තොරතුරු තහවුරු වී තිබේ.

සිද්ධිය සම්බන්ධ පෙර වාර්තාව
පුතුගේ බිරිය උදුරාගෙන පවුල් කෑ පියා අතින් පුතු මරුට