The-son-was-killed-by-the-father-who-snatched-his-son's-wife-and-ate-the-family

අඹතලේ වෑකන්ද පාරේ නිවසකදී පියෙකු තියුණු ආයුධයකින් ගෙළ කපා තම පුත්‍රයා ඝාතනය කළ සිදුවීමක් 10 වනදා වාර්තාවී තිබේ.
වාර්තාවන ආකාරයට මෙම පිය පුතු අතර  මාරාන්තික ආරවුලට මුල ‘කාන්තාවක‘ අයිති කරගන්නට දැරූ ප්‍රයත්නයක ප්‍රතිඵලයකි.
සැකකාර පියාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදි ඝාතනය සම්බන්ධයෙන් ඔහු පොලිසිය හමුවේ සිදුකළ පාපොච්චාරණය සාමාන්‍යයෙන් පියෙකුගෙන් අසන්නට නොලැබෙන ආකාරයේ එකකි.

“පුතාට ලස්සණ බිරියක් හිටියා. ඇයත් සමඟ මම ලිංගිකව එකතුවෙනවා දවසක් මගේ පුතා දැක්කා. පුතා අපි දෙන්නව එළෙව්වා.
පසුව මම පුතාගේ බිරිඳත් එක්ක නුගේගොඩ කන්දේවත්ත ප්‍රදේශයේ නිවසක පදිංචියට ගියා.


අවුරුදු 10ක විතර කාලයක් අපි එකට පවුල් කනවා. පුතා එයාව අමතක කරා.. වෙනත් කාන්තාවක් සමඟ විවාහ වෙලා තිබුණා.
මගේ පුතාගෙන් බිරියට දරුවෙකුත් ඉන්නවා. මගෙනුත් එයාට දරුවෙක් ඉන්නවා.
කාලයක් අපි දෙගොල්ලො පාඩුවේ හිටියා. ඒත් මේ සියල්ල පටන්ගත්තේ පුතාගෙ දෙවන බිරියත් එක්ක ප්‍රශ්න ඇතිකරගෙන ඒ බිරිඳ විදේශගත වුනාට පස්සේයි.
එයාට ආයෙත් පැරණි බිරිඳ ළං කරගන්න ඕන වුණා. පුතා එයාගේ පළමු බිරිඳ වන දැන් මගේ බිරිඳට ඇමතුමක් දීලා කියලා තියෙනවා මම අලුතින් ගෙයක් හැදුවා, ඒකට ලබන 14 වැනිදා පදිංචියට යනවා, පවුල් ප්‍රශ්න අමතක කරලා එන්න ආයිත් අපි එකට ජීවත්වෙමු කියලා.
මගේ බිරිඳට දැන් මං මහලු වැඩියි කියල හිතෙන්න ඇති එයා ගත්ත තීරණේ පුතා එක්ක යන්නයි.
පුතාගේ යෝජනාවට එයා කැමති වෙලා. ඒක මට දරාගන්න බැරි වුණා.



මම මෝදර කෝවිලට ගිහින් දෙවියන්ට කන්නලව් කරලා පොල් ගැහුවා මගේ පුතාගේ දෙවැනි බිරිඳ ලංකාවට ගෙනත් දෙන්න එතකොට මේව විසඳෙනව නේද කියල..

 මම එන ගමන් අරක්කු බෝතලයකුත් අරගෙන පුතාගෙ ගෙදර ආවා. එතකොට මගේ පුතා යහළුවෙක් එක්ක මත්පැන් බොනවා. මමත් ඒ අයත් එක්ක බිව්වා. පුතාට වැඩි වුණා. පස්සේ අලුත් නිවසේම පැදුරක් දාලා එයා නිදිකෙරෙව්වා. එයාගේ පළමු බිරිඳ වන මගේ වත්මන් බිරිඳ එක්ක යළිත් පවුල් කන්න යන එක ගැන මට තිබුණ ක්‍රෝධය නැවත ඇති වුණා.
මට කෝපය පාලනය කරගන්න බැරිව ගියා.
 මම එයාම ඒ නිවසට ගෙනත් තිබුණ අලුත් මන්නයකින් එයාගේ බෙල්ල වෙන්වෙන්නම කැපුවා

සිද්ධියෙන් පසු අත්අඩංගුවට පත්වූ පියා අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන අතර වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.