The-Hungarian-President-resigns-after-admitting-the-guilt-of-giving-a-presidential-pardon-to-a-sexual-abuser

ළමා ලිංගික අපයෝජන සිද්ධියකට සම්බන්ධ පුද්ගලයෙකුට සමාව දීමට තමන් ගත් තීරණය සම්බන්ධයෙන් මහජන විවේචන එල්ල වීමෙන් පසුව හංගේරියානු ජනාධිපතිනි කැටලින් නොවැක් සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කර ඇත.



ජාතික රූපවාහිනී දේශනයක් පවත්වමින් ඇය ප්‍රකාශ කලේ “පසුගිය අප්‍රේල් මාසයේදී වරදකරුවට සමාව දීමට තමා ගත් තීරණය සැකයන් අවුලුවාලීමට හේතුවූ වරදක් බව තේරුම් ගිය බවත් ය.“



සිකුරාදා දහස් ගණන් විරෝධතාකරුවෝ රටේ අගනුවර වන බුඩාපෙස්ට්හි වීදි බැස  නොවැක්ට  ඉවත් වන ලෙස ඉල්ලා සිටියහ.

ඒ අනුව 2023 අප්‍රේල් මාසයේදී, ෆ්‍රැන්සිස් පාප්තුමාගේ සංචාරයකට පෙර  ඇය වැරදිකරුවන් වූ  පුද්ගලයින් 24  පමණ සමාව ලබා දී ඇත.

ඔවුන් අතර  අපරාධ සැඟවීමට උදව් කළ ළමා නිවාසයක නියෝජ්‍ය අධ්‍යක්ෂවරයයෙක්  ද විය.

ඔහුට 2004 සිට 2016 දක්වා කාලය තුළ බාලවයස්කාර පිරිමි ළමයින් අපයෝජනය කිරීම සම්බන්ධයෙන්  වසර අටක සිර දඬුවමක් සහ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාට වසර තුනක සිර දඬුවමක්  නියම කොට තිබු බව  රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත.



රොයිටර් පුවත් සේවයට අනුව විරෝධතාකරුවන් ජනපතිනියගේ  කාර්යාලයට පැමිණෙන විටත්  නොවැක් නිල සංචාරයක් සඳහා දෝහා වෙත ගොස් සිට ඇත.
සෙනසුරාදා දේශනය, ඇය බලයට පත් වී වසර දෙකකටත් අඩු කාලයකට පසුව, ජනාධිපති ලෙස ඇයගේ අවසන් දේශනය විය.