vat-tax-removed

දැනට ක්‍රියාත්මක වන එකතු කළ අගය මත බදු ක්‍රමවේදය 2024 ජනවාරි මස 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව එකතු කළ අගය මත බදු පනතේ අදාළ විධිවිධාන සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබාදීමට අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමිව තිබේ.



ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම අනුව එකතු කළ අගය මත බද්ද සම්බන්ධයෙන් ප්‍රධාන ප්‍රතිසංස්කරණ දෙකක් හඳුන්වා දිය යුතුව ඇතැයි ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව බහුතරයක් නිදහස් කිරීම් ඉවත් කරමින් එකතු කළ අගය මත බදු (VAT) ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීමටත් සරල කරන ලද එකතු කළ අගය මත බදු (SVAT) ක්‍රමය අහෝසි කිරීමත් සිදුකළ යුතුව ඇති බව රජය සඳහන් කරයි.

දැනට පවතින එකතු කළ අගය මත බදු නිදහස් කිරීම් යළි තාර්කිකරණය කිරීම මඟින් ආසන්න වශයෙන් දළ දේශීය නිෂ්පාදනයෙන් 1.2%කින් පමණ බදු ආදායම වැඩිකර ගැනීමට හැකියාව පවතී.
අදාළ නිල නිවේදනය පහතින්